gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සම්පත් බැංකුවේ මහ වංචාවකට ලොක්කෝ 5කට රටයාම අධිකරණය තහනම් කරයි

සම්පත් බංකුවේ තැන්පත්කරුවන්ගේ මහ පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන පුළුල් පරීක්ෂණයට අනුව එම බැංකුවේ නිලධාරීන් පස්දෙනෙකුට විදේශ ගමන් තහනම් කරමින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (12) නියෝගයක් නිකුත් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට දන්වා සිටියේ අදාළ නිළධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසයි.

එසේම, සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ ‌ණය නිලධාරියා ලෙස කටයුතු කළ සචික අල්විස් නැමැත්තා ලබන 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කරණ ලෙසද කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ‌ේය.

මේ අතර, සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ කළමනාකාරිය ලෙස කටයුතු කළ අංක 139, බංගලාවත්ත, කොට්ටාව පන්නිපිටිය යන ස්ථානයේ පදිංචිව සිටි තනුජා මුතුකුමාරණ නැමැත්තිය මේවන විට රටින් පැනගොස් ඇතැයි ද ‌හෙළිව තිබේ.

අංක 40, ජයසිංහගම, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය යන ලිපිනයේ පදිංචි සම්පත් බැංකුවේ නිය‌ෝජ්‍ය කළමනාකරු ලක්නා ජයසේකර, අංක 15/1, වරාගොඩ වත්ත, වරාගොඩ, කැලණිය පදිංචි සම්පත් බැංකුවේ ණය ආපසු අයකර ගැනීමේ ජ්‍ය‌ෙෂ්ඨ කළමනාකරු අරුණ ජිනදාස, අංක 268/3/එන් 12වන පටුමග, රත්නාරාම පාර, හෝකන්දර උතුර යන ලිපිනයේ පදිංචි සම්පත් බැංකුවේ නියෝජ්‍ය කළමනාකරු ගයානි විදානපතිරණගේ, අංක 193/ඒ/1, පැපිලිවල පාර. බ්‍රාග්මනගම, පන්නිපිටිය යන ලිපිනයේ පදිංචි සම්පත් බැංකුවේ ණය නිලධාරී හිරන්ත කොඩිකාර යන අයට මෙසේ විදේස්ගතවීම තහනම් කරමින් නියෝග නිකුත් කර ඇත.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා දැක්වූ කරණු ද සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභී හෙළ වෛද්‍යවරයෙකු වන කැළුම් හර්ෂ වීරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය සිදුකරනු ලබයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka