gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බුවනෙකබා රජුගේ රාජ සභා මණ්ඩපය කඩලා හිරේ ගිය කුරුණෑගල හිටපු නගරාධිපති නඩු කියන්න කෝටියක සල්ලියක් නීතීඥවරුන්ට ගෙවලා තියෙන්නේ නගර සභා ගිණුමෙන්!

බුවනෙකබාහු රජු සමයේ රාජ සභා මණ්ඩපය කඩාදැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව සිරදඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඔවුන්ගෙන් ආපසු අයකර ගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර ඇත.

එම මුදල නැවත අයකර ගැනීම සඳහා බන්ධනාගාරගතව සිටින හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස්දෙනාට අධිභාර නිවේදන යැවීමට කටයුතු සකස් කරමින් පවතින බව වාර්තා වේ. රාජ සභා මණ්ඩපය කඩා දැමීම නගර සභාවට අයත් පොදු කටයුත්තක් බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුතු සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කීප දෙනෙකුටම ගාස්තු ගෙවීම සඳහා නගර සභා පොදු ගිණුමෙන් මෙම මුදල ලබාගෙන ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කුරුණෑගල මහ නගර සභාවේ උසස් නිලධාරියකු පැවසීය. මුදල් ලබා ගැනීම සඳහා සභා අනුමැතිය ද ලබා ගෙන තිබෙන බව ද එම නිලධාරියා සඳහන් කළේය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ එම නඩුව හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස පරාජය වීම හේතුවෙන් නගර සභා ආඥා පනතට අනුව ඔවුන් වෙනුවෙන් වැය කළ මුදල නැවත ප්‍රතිපූරණය කර ගැනීමට සිදු වන බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය. හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස මේ වන විට බන්ධනාගාරගතව සිටීම හේතුවෙන් ඔවුන්ට අධිභාර නිවේදන තැපැල් මගින් භාරදීම ගැටලුවක් වන බැවින් ඒ පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා බව ද ඔහු සඳහන් කළේය.
 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka