gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

කුමන්ත්‍රණවලින් අරගලවලින් බය කරලා.. තර්ජනය කරලා මේ පක්ෂය වට්ටන්න බෑ... පොහොට්ටුවේ දෙවන සම්මේලනය අපි ඉහළින්ම පවත්වනවා! - නාමල්ගෙන් සියල්ලන්ටම ආරාධනා!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් සහ විශාල ජන සහභාගීත්වයකින් පැවැත්වීමට නියමිත බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ  බව ප්‍රකාශ කලේ තංගල්ල කාර්‍යාලයේ පැවති උත්සවයකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2 වන මහා සම්මේලනය අති උත්කර්ෂවත් අන්දමින් දෙසැම්බර් මස 15 වන දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පක්ෂ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සියළු කටයුතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සූදානම් කොට තිබෙනවා. එදින දහවල් 1ට මහා සම්මේලනය ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා පක්ෂය නියෝජනය කරමින් බිම් මට්ටමේ සාමාජිකයන් සතර දෙසින් පැමිණිමට නියමිතයි.

 ශ්‍රී ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් ලෙස බිම් මට්ටමින් ගොඩනැගුන, ඉතා කෙටි කලකින් විශාල ජයග්‍රහණ රාශියක් ලබපු පක්ෂයක් ලෙසත් ජනතාව වෙත ගොස් ජනතාවගේ බලය ලබා ගැනීමට සමත් වූ ජනප්‍රියම පක්ෂය ලෙසත් පොහොට්ටුව පක්ෂය පෙන්වාදිය හැකිය. ඒ වගේම ලංකා ඉතිහාසයේ දේශපාලන පක්ෂයක්‌ විදිහට මුහුණ දෙන්න සිදුවෙච්ච බිහිසුණුම, අභියෝගාත්මක ආර්ථික, සමාජීය කාලසීමාවකට මුහුණ දීපු දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙන්වාදිය හැකියි.


 විශේෂයෙන් අපි බිම් මට්ටමින් පටන් ගත්ත තරුණ දේශපාලන පක්ෂයක් ලෙස අළුත් මුහුණුවරක් සමගින් රටේ අවශ්‍යතාවය, ජාතියේ අවශ්‍යතාවය සහ අපි විශ්වාස කරන්නාවු ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් දෙවන මහා සම්මේලනය මෙවර පවත්වනු ලබනවා. මේ වන විටත් ලංකාවේ සෑම ග්‍රාම සේවා වසමක්ම නියෝජනය වන අන්දමින් අපේ පාක්ෂිකයින්ට අපි ආරාධනා කරලා තියෙනවා මෙම සම්මේලනයට සහභාගි වෙන්න කියලා. ඒ වගේම අපි ආරාධනා කරනවා පොදු ජන පෙරමුණත් එක්ක බැදුණූ සියළුදෙනාට දහවල් 1වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණිලා ඔබ ගොඩනගපු ඔබේ දේශපාලන පක්ෂයේ හයිය පෙන්න එන්න කියලා.


 කුමන්ත්‍රණ වලින් අරගල වලින් බය කරලා තර්ජනය කරලා මේ පක්ෂය වට්ටන්න බැරි බව මතක් කරන්න ඕනි. මේ පක්ෂය නැවත වතාවක් බිම් මට්ටමේ සිට ගොඩනගලා මේ රටේ ජාතික දේශපාලනයේ තීරණාත්මක බලවේගය බවට පත් කරනවා. මේ රට ගොඩනගන, රට හදන, රට සංවර්ධනය කරන දේශපාලන බලවේගය ගොඩනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ශ්‍රි ලංකාවාසී සියළු ප්‍රගතශීලී පොදු ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka