පසුගිය දිනෙක චම්පික රණවක මන්ත්‍රිවරයාට පාර්ලිමේන්තු ලොබියේදී පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රිවරුන් පිරිසක් මුණගැසිණි.
“මන්ත්‍රිතුමා ඔයා නිකං හමුදාවක් නැති හමුදාපති වගේනේ” ස්වාධීන මන්ත්‍රිවරුන් පිරිසෙන් එක් අයෙක් චම්පික රණවක මන්ත්‍රිවරයාට විහිළුවට මෙන් කිව්වේය.
නමුත් මන්ත්‍රි චම්පික නම් ඒ කතාව තරමක් බැරෑරුම් ලෙස ගත් බවක් පෙනුණි.
“ඇයි ඇයි ඔයා එහෙම කියන්නෙ” චම්පික ඇසුවේය.
“නෑ ඉතින් ඔයා ජනාධිපතිවරණයට ඉල්ලන්න හැදුවට ඔයාව අපේක්ෂක කර ගන්න කැමති පක්ෂයක් නැනේ.“ ස්වාධීන මන්ත්‍රිවරයා පැවසුවේය.
“ආ ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ජනාධිපතිතුමා ජනාධිපතිවරනයට තරග කරන එකක් නැ. එතුමා පොහොට්ටුවේ සහ එජාපයේ පොදු අපේක්ෂකයා විදිහට මාව පත් කරන්න සූදානමකයි ඉන්නේ “ චම්පික රණවක මන්ත්‍රිවරයා කවුරුත් බලාපොරොත්තු නොවූ පිළිතුරක් ලබා දුන්නේය.
– Repoter