මාර වැඩක්! පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවකු පැහැරගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 4 දෙනෙක් සුපිරි කාර් එකයි ඉඩමකුයි ලියාගන්න හදලා!
පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන 18 හැවිරිදි සිසුවකු සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමග පැහැරගෙන ඉඩමක් බලහත්කාරයෙන් ලියා ගැනීමට තැත් කළ බව කියන පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනකු පෙරේදා (5) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
පැහැරගැනීමට ලක් වූ සිසුවා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පැහැරගැනීමට ලක් වූ සිසුවා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරුවන් පැහැර ගත් මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
පැහැරගැනීමට ලක්වූ සිසුවා ඉකුත් 4 වැනි දා සිය පියා මෝටර් රථයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඇරලවා නිවසට පැමිණ අවශ්‍යතාවක් සඳහා කළුබෝවිල ආසිරි මාවත නිවසින් පිටත්ව යමින් සිටියදී මෙසේ පැහැරගැනීමට ලක් වී ඇති බව පොලිසිය කියයි.
සිසුවා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයට දෙහිවල නගර සභාව ආසන්නයේදී වෑන් රථයක් මඟ හරස් කර ඉන් බැස ආ තරුණයන් සිවු දෙනකු සිසුවා මෝටර් රථයෙන් වෑන් රථයට දමාගෙන පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම පිරිස කලුබෝවිල රෝහල ආසන්නයේ දී වෑන් රථය අසල නිවසක දමා පැහැර ගත් මෝටර් රථයට සිසුවා ද නැවත නංවාගෙන මාතලේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් සිසුවා ගේ පියාට අයත් තිහාරියේ පිහිටි ඉඩම හා පැහැරගත් මෝටර් රථය ලියා දෙන ලෙස තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පැහැරගැනීමට ලක්වූ සිසුවා ඒ ගැන ජංගම දුරකතනයෙන් සිය මවට පැවසීමෙන් අනතුරුව මව සහ සහෝදරයා කොහුවල පොලිසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය සිසුවා පැහැරගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරුගේ පියාව පොලිසියට ගෙන්වා, ඔහු ලවා සැකකරුට දුරකථන ඇමතුමක් දී උපක්‍රමශීලීව කොහුවලට ගෙන්වා ගෙන ඇත. ඔහු සමග සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු ද පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පැහැරගැනීමට ලක්වූ සිසුවා ඒ ගැන ජංගම දුරකතනයෙන් සිය මවට පැවසීමෙන් අනතුරුව මව සහ සහෝදරයා කොහුවල පොලිසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය සිසුවා පැහැරගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරුගේ පියාව පොලිසියට ගෙන්වා, ඔහු ලවා සැකකරුට දුරකථන ඇමතුමක් දී උපක්‍රමශීලීව කොහුවලට ගෙන්වා ගෙන ඇත. ඔහු සමග සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු ද පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මාර වැඩක්! පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවකු පැහැරගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 4 දෙනෙක් සුපිරි කාර් එකයි ඉඩමකුයි ලියාගන්න හදලා!
2023-12-07T09:47:00+05:30
Gossip Lanka Hot News