gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රොෂාන්ට විරුද්දව ෂම්මි නඩු දමයි... බිලියන 2.4ක් වන්දි ඉල්ලයි!

ක්‍රීඩා අමාත්‍ය ෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

ක්‍රිකට් ආයතනය සභාපති ශම්මි සිල්වා සහ උප සභාපති භාණ්ඩාගාරික ඇතුළු පිරිස විසින් කොළඹ දිසා අධිකරණය අපහාස නඩුවක් ගොනු කර ඇත.

සිදු කර ඇති අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 2.4ක වන්දියක් ගෙවන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාට නියෝග කරන ලෙස එමගින් ඉල්ලා ඇත.

දිගින් දිගටම අසත්‍ය හා හානිදායක ප්‍රකාශ සිදු කිරීම මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපයට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් හානියක් සිදුකර ඇති බවද ඔවුන් එමගින් පෙන්වා දෙයි.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුව ඇති හානිය වැරදි කිරීම මෙම නීතිමය ක්‍රියාමාර්ග අරමුණ බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය  සඳහන්  කරයි.




gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka