2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති 20-20 ලෝක කුසලාන තරඟාවලිය නැරඹීම සදහා රංගන ශිල්පිනියන් වන ශලනි තාරකා හා අනුරාධා එදිරිසිංහ යන දෙදෙනා නම් කළේ ක‍්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස විසින් බව ක්‍රිකට් ආයතයෙ නිලධාරීන් සඳහන් කර තිබේ.
ක‍්‍රිකට් ආයතනය සම්බන්ධ විඝණන වාර්තාව ගැන විමසීමට ඊයේ දිනයේ කෝප් කමිටුව හමුවට පැමිණි අවස්ථාවේ කළ ප්‍රශ්න කිරීම්වල දී මේ බව හෙළි කර ඇත.
එහිදී ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා සඳහන් කර තිබුණේ තම බිරිඳ ලෝක කුසලාන තරඟාවලිය පෙර සිටම ඕස්ට්‍රේලියාවේ සිටි බවත් ඇයට වීසා ලැබුණේ එම තරගාවලියට නිසා නොවන බවය.

නමුත් තම මස්සිනා ඇතුළු හිතවතුන් පිරිසක් තරගාවලි නැරඹීමට ඕස්ට්‍රේලියාවට යාමට වීසා ලබා ගැනීමට ලිපි ලබා දුන් බවද ඔහු සදහන් කර තිබේ.
එමෙන්ම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ගේ දියණියන් දෙදෙනාට ද අදාළ ලිපි ලබාදුන් බවත් ඔහු සඳහන් කර ඇත.