gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැය 72කින් ක්‍රිකට් තහනම් වුණොත් කරන දේ රොෂාන් පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම කියයි!

යම් හෙයකින් ක්‍රිකට් තහනමකට ලක්වුවහොත් මාස 6ක කාලයක් අර්ජුන රණතුංග මහතාට භාර දී පසුව නිලවරණයක් පවත්වන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. අද (10) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තහනමකට ලක්කිරීම සඳහා උත්සහයක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසු ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එළැඹෙන සඳුදා දින තමා අභියාචනාධිකරණය හමුවට යන බවත් ඉන් සාධාරණයක් අපේක්ෂා කරන බවත්ය.
 
කෙසේවෙතත් මේ වනවිට නීතිපතිවරයා වෙත තබා ඇති විශ්වාසය බිඳවැටී ඇතැයි ද පැවසු ක්‍රීඩා අමාත්‍යවරයා තමා පෞද්ගලික නීතිඥයින් මාර්ගයෙන් මෙහි කටයුතු සිදුකරන බව ද පැවසීය.
 
“තහනමක් තව එන්නේ නෑ. මේ අය අති විශේෂ බලයක් දාලා කෙරොත් මිසක්, ලංකාවේ අය මේක පාවා දුන්නොත් ඇරෙන්න මේකට තහනමක් එන්නේ නෑ. බැරිවෙලා හරි මම දැක්කා ඇමතිවරයෙකුත් ඍණාත්මකව කතා කළා මේක තහනම් වුණොත් කියලා. මොකද්ද අපි කරන්නේ ? එහෙම නම් අපිට තියෙන්නේ අර්ජුන රණතුංග මහත්තයාට මාස 6ක් හරි 8ක් හරි මේක භාරදීලා හදලා, අපි නිලවරණයකට ගිහින් මේ පනත සම්මත කරගෙන ඊළඟ තරගවලට යන්. එකඟත්වය ලබාදෙන්න ඉස්සරහට යන්න. ඒ අනුව මම සඳුදා දිනයේ අභියාචනාධිකරණයට යනවා. එතැනින් අපි බලාපොරොත්තු වෙනවා යුක්තිය. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. මේ දුෂිත රැළ ඉවත් කරන්න. ඒ ක්‍රියාමාර්ග ටික නොකඩවා ගන්නවා. මට තවදුරටත් නීතිපතිවරයාගේ වැඩපිළිවෙල ගැන විශ්වාසයක් නෑ. ඒ වෙනුවෙන් පෞද්ගලික නීතිඥයෝ අල්ලනවා. මොකද දිගින් දිගටම කරඇරියා.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka