gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හොරු දිනුම් බව රටට ප්‍රකාශ කර හිටපු ක්‍රීඩා ඇමති තනතුරින් සමු ගත හැටි (VIDEO)

හොරු දිනුම් බව ක්‍රීඩා හා වාරිමාර්ග කටයුතු ඇමති රොෂාන් රණසිංහ ඊයේ මාධ්‍යයට කීවේය.
 
මේ තීරණාත්මක අවස්ථාවෙන් අනතුරුව තමන්ගේ දේශපාලනය සිදුවිය යුතු ආකාරය සම්බන්ධව කිසිම තීන්දුවක් අරගෙන නැති බවත් හිටපු ඇමතිවරයා පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ පසු ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණ තම ලේකම් තුමා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්  තුමා ඇතුළු කණ්ඩායමට ස්තුතිය පලකර සමුගෙන යන්නට පැමිණි අවස්ථාවේ දී ය.

තමන් කළ මේ අරගලයේ දී මාධ්‍ය දැක්වූ අසීමිත සහයට අවංකවම ස්තුතිවන්තවන බව කී ඇමතිවරයා තමන්ට වැඩි දෙයක් කීමට නැති බවත් ආසියාවේ පාරාදීසිය හොරුන්ගේ පාරාදීසියක් බවට පත් වී ඇති බවත් පැවසුවේය.

වත්මන් ජනාධිපතිවරයාට ආණ්ඩුව භාර දුන්නේ රට ස්ථාවර කිරීමට බව කී හිටපු ඇමතිවරයා මේ පහර වදින්නේ රට ස්ථාවර කරන තැන්වලට බව කීවේය. දීර්ඝ වශයෙන් මේ ගැන කතා කිරීමට උත්සාහ නොකරන බව කි රොෂාන් රණසිංහ හිටපු ක්‍රීඩා ඇමතිවරයා මේ සටන ඊලඟ ජනාධිපතිවරයා පත්කරගෙන නිමා කරන බව පැවසුවේය.

“මම උපරිම කරන්න උත්සාහ කළා. හොරකම වංචාව දූෂණයට එරෙහිව වැඩ කරන්න ගියාම ඕක තමයි අත්වන ඉරණම. මේක තමයි අවුරුදු පනහක මේ පාලනයෙන් අපි දුක් විඳින්නේ. ඒ වගේම දේශපාලකයො තමන්ගේ රැකවරණයට   හිටපු නායකයන්ට එහෙයි එහෙයි කිය කිය  අත උස්සපු එක නිසා තමයි අපි මේ විදිහට දුක් විඳින්නේ.”

“එන ඇමතිවරයා ක්‍රිකට්වල සාක්කුවට නොවැටී හරියට මේ ක්‍රියා මාර්ගය ගෙනිච්චොත් මේ රටේ ක්‍රීඩාව හදන්න පුලුවන්.” තනතුරින් පහ කළ ක්‍රීඩා ඇමතිවරයා පැවසුවේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka