gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මා වැනි උගතුන් පාර්ලිමේන්තු ආවම පක්‍ෂ විපක්‍ෂ හැමෝම එක්වී මාව රැකගත යුතුයි - රංජිත් බණ්ඩාර

තමන් වැනි පුද්ගලයන් පාර්ලිමේන්තු ආවම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ආරක්ෂා කරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

කෝප් කමිටුවේ සභාපති ධුරයේ කටයුතු කරද්දී ඔහුට එල්ල වී ඇති චෝදනා පිළිබඳව මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමින් මෙසේ සදහන් කරයි.

‘මම කනගාටු වෙන්නෙ අපි වැනි අය පාර්ලිමේන්තුවට පැමිණියාම පක්ෂ භේදයෙන් තොරව අපි ආරක්ෂා කර ගත යුතු වුවත් අපිව පාර්ලිමේන්තුවෙන් එළවන්න චරිත ඝාතන කුමන්ත්‍රණය කරන එකටයි.

මම ලෝකයේ ඉහළ පිළිගැනීමක් සහිත විශ්වවිද්‍යාලවලින් ඉගෙනගෙන මෙරට විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ වසර තිහක් කටයුතු කරල තියෙනවා. විවිධ තනතුරු දරලා තියෙනවා. මම පාර්ලිමේන්තුවට ආවේ ඉහළ තනතුරක් දරමින් සිටියදීය.

අපි පාර්ලිමේන්තුවට එන අවධියේ පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහම එපා කියමින් තිබුණ අවධියක්. ඒ විදියට පාර්ලිමේන්තුවට ආව මට ඇයි මේ විදියට පදනම් විරහිත චෝදනා නගමින් අවලාද නඟන්නෙ කියලයි මම කල්පනා කරන්නේ’


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka