gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් ජනපතිවරණයට එන්නෙ නෑ!: විමල් හූනු සාත්තරයක් කියයි

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට පසු ජනාධිපතිවරණයකට කිසිසේත් ම තරග නොකරන බව තමා "හූනා කිව්වා සේ" පවසන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.
"මම නම් හූනා කිව්වා වගේ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ජනාධිපතිවරණයකට එන්නේ නෑ. කවුරුහරි හිතාගෙන ඉන්නවනම් එයි කියලා අනේ පව් කියලා තමයි මට කියන්න තියෙන්නේ. එතුමා බලයි වෙන කොහෝ හරි ජාත්‍යන්තර ආයතනයක තනතුරක් අරගෙන, යෙහෙන් වැජඹෙන්න ඉතුරු කාලේ" යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටි‍යා.

එහි දී වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, පැවති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කඩාවැටීම ආරම්භ වූයේ තමාවත්, උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාත්, ඔවුන් දැරූ කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පසුව බවත්, වර්තමාන රජයේ කඩා වැටීම පසුගිය දා (27) ආරම්භ වූ බවත් පැවසුවා.

වීරවංශ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ඉකුත් 27 වැනි දා වහා ම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා දැරූ කැබිනට් අමාත්‍ය ධුරවලින් ඔහුව ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

ඒ අනුව වීරවංශ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ, වත්මන් රජයේ කඩා වැටීම එම ඉවත් කිරීමෙන් ආරම්භ වූ බවයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka