ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා රටේ ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලීමක් කර රටට ද්‍රෝහී වී ඇත්නම් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32, 34 සහ 36 යන වගන්ති යටතේ ඔහුට එරෙහිව පරීක්ෂණයක් කර ඔහුට දඬුවම් කිරීමේ හැකියාව ක්‍රීඩා අමාත්‍යවරයා සතුව පවතින බව නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළකළේ ක්‍රිකට් සම්බන්ධයෙන් ඔහුගෙන් මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රතිභා මහානාමහේවා මහතා,
'ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අත්තනෝමතික ලෙස ක්‍රියා කරලා තියෙනවා. අඩුම ගානේ ක්‍රිකට් සභාපතිවරයා එහෙම ලියුමක් ලිව්වා නම් ඒ ලියුමේ අන්තර්ගත කරුණු සත්‍යයද නැතිද කියලා අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ යුතුයි. ඒකයි ස්වභාවික යුක්ති මූලධර්මය. මෙය අන්තර්ජාතිකව අනිත් රටවලටත් වෙන්න පුළුවන්. එනිසා ක්‍රිකට් ක්‍රීඩා කරන සියලුම රටවල් එකතුවෙලා මේකට විරෝධය පාන්න ඕන. දේශීය වශයෙන් මේ සභාපතිවරයා මෙහෙම ක්‍රියා කරලා තියෙනවා නම් අමාත්‍යවරයාට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න. මොකද ඔහු නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වුණාට මේක ලංකාවේ ක්‍රිකට්. එක පැත්තකින් රට පාවාදීමක්. නීතිමය පැත්තෙන් ගත්තොත් අපිට අන්තර්ජාතිකව ගත්තොත් අපිට අවස්ථාවන් සම්පූර්ණයෙන්ම අහිමි කරලා තියෙනවා. මොහුගේ සභාපතිකම තාවකාලිකව තහනම් කරන්න ඕනේ. එහෙම කරලා විමර්ශනයකට යන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් තීරණයකට යන්න.
අනිත් එක කෝප් එකට බලයක් නැහැ. කෝප් එකේදී වංචා, දූෂණ සියල්ලක්ම හෙළිවුණා. එනිසා කෝප් එකේදී වෙන්නේ නිකන් ඇවිල්ලා ලැජ්ජාසහගත වීමක් පමණයි. එය ප්‍රමාණවත් නැහැ. මෙය දිගින් දිගටම කරන්න පුළුවන්. මුළු පාලක මණ්ඩලයම තහනම් කරන්න පුළුවන්. ඊට ඇමතිවරයාට බලය තියෙනවා. කොහොමත් මේවනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරලා තියෙන්නේ. නමුත් අයිසීසීය වචනයක්වත් කියලා නැහැ මේ කියන සභාපතිවරයාට එල්ල වෙලා තියෙන දූෂණ, සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේක මෙහෙය වීමක්. කොන්ද කෙළින්, පණ තියෙන අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ අමාත්‍යවරයාට පුළුවන් මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කරන්න. ඒ අනුව පුළුවන් ඉදිරියේදී ලංකාව වෙනුවෙන් ඉල්ලීමක් කරන්න. මේ දේශද්‍රෝහී ක්‍රියාව සාක්ෂි වශයෙන් හම්බවෙලා තියෙනවා.
ඒ නිසා මෙවැනි කෙනෙකුට දඬුවම් දීම ක්‍රම 02කට කරන්න පුළුවන්. අංක එක නව පනත ක්‍රියාත්මකයි. අල්ලස් දූෂණ නව පනත යටතේ පෞද්ගලික අංශය කරන වැඩත් බලන්න පුළුවන්. වහාම මේ උද්ඝෝෂණයට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන්. ඇයි බැරි විපක්ෂයට මේ කියන විගණන වාර්තාව අරගෙන ගිහිල්ලා අලුතින් පත්වන කමිටුවට, වංචා දූෂණ කොමිසමට දීලා වැඩ පටන් ගන්න. අන්න එතනින් පුළුවන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න. දෙවැනි කරුණ තමයි අමාත්‍යවරයාට පුළුවන් මොහුගේ නොමනා හැසිරීම, ඔප්පු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා නීතියෙන් ක්‍රියා කරන්න. නීතිය තමයි ක්‍රීඩා පනත. ක්‍රීඩා පනතේ පැහැදිලිව කියලා තියෙනවා 32, 34 සහ 36 යටතේ වරදකරු වුණොත් ඔහුට දඬුවම් පවා දෙන්න පුළුවන් කියලා' යනුවෙන් පවසා සිටියා.