gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකුණන්න හදයි… රාජ්‍ය බැංකු සේවකයෝ මහපාරට බසින්න සූදානමින්!

ලංකා බැංකුවේ  සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකිණීමට රජය තීරණය කර ඇතැයි ලංකා බැංකු සේවක සංගමය සඳහන් කරයි.
 
පාඩු ලබන ආයතනයන් කියමින් ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම් ආරම්භ කර ඇති බවත් පසුගිය වසරේදී ලංකා බැංකුව බිලියන 30ක්ද මහජන බැංකුව බිලියන 20ක්ද වශයෙන් ලාභ ලබා ඇති බවත් පෙන්වා දෙන   සංගමයේ සභාපති චන්න දිසානායක  මේ වසර තුළදී මෙම බැංකු දෙක  රුපියල් බිලියන 20ට අධික ප්‍රමාණයක් ආණ්ඩුවට බදු ගෙවා ඇතැයිද සඳහන් කළේය
 
මිට අමතරව මෙතෙක් කලක් බුක්ති විඳි සාමුහික ගිවිසුම් ආණ්ඩුව තහනම්  කර ඇතැයිද පෙන්වා දෙන සභාපතිවරයා රාජ්‍ය බැංකු විකිණීමට එරෙහිව ලබන 2දා  බස්නාහිර පළාත තුළ සේවය කරන  සියලුම රාජ්‍ය බැංකු නිලධාරීන් විහාරමහදේවී     උද්‍යානයට පැමිණ විරෝධතාවක් පවත්වා ජනතාව දැනුවත් කිරීම ආරම්භ කරන  බවද හෙතෙම පැවසුවේය.

මෙරට පාඩු ලබන කිසිම ආයතනයක් නොමැති බවත් ඇත්තේ පාඩු කරවපු ආයතනබවත් ඔහු පවසයි. සභාපති චන්න දිසානායක කියන්නේ  රාජ්‍ය බැංකු ආණ්ඩුවේ දේපලක් නොව,  ජනතාවගේ දේපලක් බවය.     

ලංකාසර


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka