තිහාරියේ ව්‍යාපාරිකයෙකුගේ නමට එවූ කෝටි 27ක හෙරොයින් තොගයක් කටුනායක දී කොටු…. එවලා තියෙන්නේ නාන තුවාවල අතරේ අසුරලා…
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සහ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්ත රේගු කාර්යාලය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී රුපියල් කෝටි 27ක වීදි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 10.5 ක තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
පාකිස්ථානයේ ලාහෝර් නුවර සිට මෙම හෙරොයින් තොගය මෙරටට රැගෙනවිත් තිබිණි.
නාන තුවා රැසක අසුරා තිබූ පාර්සල් 08ක තුළ සඟවා තිබූ මෙම හෙරොයින් තොගය කටුනායක ගුවන් භාණ්ඩ ප්‍රවාහන පර්යන්තයේදී අත් අඩංගුවට පත් විය.
එම හෙරොයින් සහිත නාන තුවා පාර්සලය තිහාරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතු ආනයන සමාගමක ලිපිනය යොමු කර තිබිණි.
මේ වනවිට රේගු කාර්යාලයට භාණ්ඩ නිශ්කාෂණය කරගැනීමට පැමිණි පුද්ගලයෙක් සහ නිශ්කාෂන නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
ඩේලි මිරර් සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේය.
එම හෙරොයින් සහිත නාන තුවා පාර්සලය තිහාරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතු ආනයන සමාගමක ලිපිනය යොමු කර තිබිණි.
මේ වනවිට රේගු කාර්යාලයට භාණ්ඩ නිශ්කාෂණය කරගැනීමට පැමිණි පුද්ගලයෙක් සහ නිශ්කාෂන නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
ඩේලි මිරර් සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේය.
තිහාරියේ ව්‍යාපාරිකයෙකුගේ නමට එවූ කෝටි 27ක හෙරොයින් තොගයක් කටුනායක දී කොටු…. එවලා තියෙන්නේ නාන තුවාවල අතරේ අසුරලා…
2023-11-23T07:34:00+05:30
Gossip Lanka Hot News