gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරනවා නම් මුළු ශ්‍රී ලංකාවටම ක්‍රිකට් තහනමක් දාන්නැයි ක‍්‍රිකට් ආයතනය ICCයෙන් ඉල්ලලා!

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරනවා නම් මුළු ශ්‍රී ලංකාවටම ක්‍රිකට් තහනමක් දාන්න යයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇතැයි විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහනමකට ලක් කරලා තියනවා.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හේතු ගණනාවක් සඳහන් කරල තියෙනවා.ප්‍රධාන හේතුව තමයි ජාත්‍යන්තර ක්‍රිකට් නීති අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන විය යුතුයි කියලා.දැන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීනත්වය ආරක්ෂා කරේ නෑ , විවිධ බලපෑම් බලපෑම් වලට යටත් වුණා කියලා.ඒ වගේම එම නිවේදනයේ සඳහන් වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට ආන්ඩුවේ ඇඟිලි ගැසිම් තියෙනවා කියලා.ජාත්‍යන්තර ක්‍රිකට් නීතී අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය ස්වාධීන විය යුතුයි,ආණ්ඩුවේ බලපෑමක් නොතිබිය යුතුයි.මෙම කාරණා දෙකම උල්ලංඝනය කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් වෙලා තියෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් මේක දැනගත්තට පස්සේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරනවා නම් මුළු ශ්‍රී ලංකාවටම ක්‍රිකට් තහනමක් දාන්න කියලා.මේක මහා පාවාදීමක්.විපක්ෂ නායකතුමා මේ පිළිබඳ ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි කළා.ඇත්ත වශයෙන්ම මේක යන යකා කොරහත් බිඳගෙන යනව වගේ , ශ්‍රී ලංකා ක්‍රිකට් විනාස කරලා,ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයත් විනාශ කරලා යන්න තමයි කටයුතු කරලා තියෙන්නේ.

කවුරුත් අහනවා දැන් අපි කොහොමද ගොඩ එන්නෙ කියලා.මේකට කලබල වෙන්න දෙයක් නෑ.පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකතුවෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක ම්න්ඩලයේ නිලධාරීන් ඉල්ලා අස්විය යුතුයි කියලා යෝජනාවක් සම්මත කළා.


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාකච්ඡාවේදී සාකච්ඡා වෙලා තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල් සඳහා රජයේ බලපෑම් තියෙනවා කියලා.ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා ගැනීම් අවස්ථාවලදී රජය විසින් බලපෑම් කරනවා කියලා සාකච්ඡා වෙලා තියෙනවා.මේ සියල්ල පදනම් කරගෙන තමයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ තීරණය අරන් තියෙන්නේ.රට පාවා දීමේ කටයුත්ත කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ බලධාරීන්.ඔවුන් කිව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තහනම් කරනවා නම් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් දාන්න කියලා.


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගහන්නේ ක්ලබ් 12යි.නමුත් ඡන්ද 142ක් තියෙනවා.බොහෝ රටවල් වල පාලක මණ්ඩලය පත් කරන්නේ 20 අඩු ඡන්ද සංඛ්‍යාවකින්.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ච්ත්‍රසිරි මහතාගේ වාර්තාව තියෙනවා,ආණ්ඩුව විපක්ෂය දෙගොල්ලොම ඒක පිළිගන්නවා.ඒ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනල්ලා, සම්මත කරලා ,නිලවරනයක් තියලා නව කණ්ඩායම් පත් කරගන්න අපිට පුළුවන්.


වැදගත්ම කාරණය තමයි අතුරු කමිටුව තිබ්බනම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මේ ක්‍රිකට් තහනම එන්නෙ නෑ.පකිස්තානය,දකුණු අප්‍රිකාව යන රටවල දැනටමත් තියෙන්නේ ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් .රටවල් දෙකකට මේ අය අවසර දීලා තියෙන නිසා ක්‍රිකට් කවුන්සිලයට බෑ අපේ රටේ ක්‍රිකට් විතරක් අහෝසි කරන්න.අතුරු පාලක මණ්ඩලයත් තහනම් වෙන තත්ත්වයකට පත්වුන නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවුණේ.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරනකොට බලයේ හිටියේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්.එය තමයි මේකට වගකියන්න ඕන.ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය තිබ්බනම් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් වෙන්නේ නෑ.ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඇඟිල්ල දික් කරලා තියෙන්නේ ආණ්ඩුවට.ආන්ඩුවේ ඇඟිලි ගැසීම් නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයට කටයුතු කරගෙන යන්න බැරි වුණා කියලයි කියන්නේ.


ක්‍රීඩා ඇමති තුමා අතුරු පාලක මණ්ඩලය පත් කරාම එදාම හවස කැබිනට් මණ්ඩලය එකතුවෙලා අතුරු පාලක මණ්ඩලයේ වැඩ බලන්න කැබිනට් අනු කමිටුවක් පත් කරා.දේශපාලන ඇඟිලි ගැසීම් කියන්නේ මෙන්න මේකටයි.මේ ආකාරයට තමයි රජය ක්‍රිකට් විනාශ කරන්ඩ කටයුතු කරලා තියෙන්නේ.අවසානයේ රජය රටේ ආර්ථිකය විනාශ කරා වගේම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපි කවුරුත් ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩාවත් කරා”

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka