නීති විරෝධී ලෙස වාහන ආනයනය කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ මධ්‍යම පළාතේ හිටපු අමාත්‍යවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ඔහු විසින් ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් නාරහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල සුපිරි මහල් නිවාස සංකීර්ණයක් තුළ සගවා තිබියදී වලාන මධ්‍යම දූෂණ මර්ධණ ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගැනීමත් සමගයි.
අදාල නිවස කොළඹ පිහිටි ප්‍රසිද්ධ වාහන ආනයනය කර බෙදා හරිනු ලබන ප්‍රදර්ශනාගාරයක කළමනාකරුවෙකුට අයත් වන අතර දත්ත වෙනස් කළ ජීප් රථයක් රුපියල් කෝටියක් වැනි අඩු මුදලකට එහි අලෙවියට සූදානම් කර ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී තිබුණේ.
ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ බුද්ධි නිලධාරී රහසිගත තොරතුරු පරීක්ෂාවක නිරත වීමෙන් පසුව එහි විශේෂ පොලිස් කණ්ඩායමක් අදාල ස්ථානය වටලා සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වුණේ අදාළ සුඛෝපභෝගී ජීප් රථය හිටපු අමාත්‍යවරයා විසින් ආනයනය කර ඇති බවයි.
එය මධ්‍යම පළාතේ වාහන ආනයනය කර බෙදා හරිනු ලබන ප්‍රදර්ශනාගාරයට හිමිකරුවෙකු නමින් වර්තමානයේ ලියාපංචි කර ඇති බව ඔහු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
පසුව මහනුවර ප්‍රසිද්ධ නීතිඥවරියක් සහ විශේෂඥ වෛද්‍යවරයෙකු එය අලෙවි කිරීම සඳහා තමන්ට ලබා දුන් බවට සැකකරු පොලිසියට කරුණු අනාවරණය කළා.
අදාළ මෝටර් රථයේ චැසි අංක ව්‍යාජ ඒවා බවට හෙළි වී ඇති අතර ඒ අනුවයි හිටපු අමාත්‍යවරයා සහ මෙම ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.
