පීඩිත ජනතාවගේ යහපත උදෙසා සන්නද්ධ අරගලයකට වුවද සහභාගි වීමට තමා ඕනෑම අවස්ථාවක සූදානම් බව ජාතික ජන බල වේගයේ ජාතික විධායක සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා පවසයි. මහනුවර අම්පිටියේ 05 දින පස්වරුවේ පැවති ජාතික ජන බලවේගය සෙංකඩගල මැතිවරණ කොට්ඨාස සමුළුව අමතමින් හෙතෙම ඉහත අදහස් පළ කළේය.
මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ලාල්කාන්ත මහතා මෙසේද කීය.
මේ රටේ ජනතාව දැන් දැරිය හැකි ප්‍රමාණයටත් වඩා සෑම අතින්ම පීඩනයට පත්වෙලා ඉන්නේ. මේ පීඩිත ජනතාව වගේම ප්‍රගතිශීලි ජනතාව මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගැනීම තමයි මේ වෙලාවේ අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්වෙලා තියෙන්නේ. ඒ සඳහා ජාතික ජන බලවේගය වසයෙන් අපි සූදානමින් ඉන්නවා.
දැන් අපට සහයෝගය පළකරන්න රටපුරා විවිධ ආකාරයෙන් විවිධ දේශපාලන මත දැරුවන් ජාතික ජන බලවේගය හා සම්බන්ධ වෙමින් පවතිනවා. දැන් අපිට සහයෝගය දෙන්න අලුතෙන්ම එන පුද්ගලයා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර. ඒ මහත්තයා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් රනිල්, රාජපක්ෂ දේශද්‍රෝහී බලවේගයෙන් මේ රට මුදා ගන්න පුළුවන් එකම ශක්තිය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ නිසා සියලු දෙනා ඒ වටා රොක් විය යුතුයි කියලා. අපි බොහෝම ආදරයෙන් ඒ සියලු සහයෝගයන් ලබා ගන්න සූදානම්. නමුත් වාසුදේව නානායක්කාර මහතාට මේ අවස්ථාවේ අපි මතක් කරන්න ඕනේ දැන් අපි ක්‍රියාත්මක වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් නොව ජාතික ජන බලවේගය වශයෙන් බව.
සටනක් ජයග්‍රහණය කිරීමට නම් විවිධත්වය අවශ්‍යයි.
අපි දැන් ඉස්සර වගේ නෙවෙයි ඒ විවිධත්වය සම්බන්ධ කරගෙන තමයි ඉදිරි ගමන යන්න සූදානම් වෙන්නේ. මේ රටේ ආණ්ඩු පෙරලීම සඳහා මැතිවරණ වලට අමතරව සන්නද්ධ අරගල පවා ක්‍රියාත්මක වුණා. මමත් ඒ සන්නද්ධ අරගලවලට සහභාගි වෙලා තියෙනවා. අවශ්‍ය වුණොත් මේ පීඩිත ජනතාවගේ යහපත වෙනුවෙන් ඕනෑම මොහොතක ඉදිරි සන්නද්ධ අරගලයකට හෝ සම්බන්ධ වෙන්න මම දැන් වුණත් සූදානමින් ඉන්නවා.
ඉස්සර මේ රටේ දේශපාලනඥයන්ට ජනතාව බයයි. නමුත් දැන් ජනතාවට දේශපාලඥයෝ බයයි. අපි සියලු දෙනා එකතු වෙලා මේ වෙලාවේ මැතිවරණයක් ඉල්ලා බල කළ යුතුයි. ඉදිරියේ ජාතික ජන බලවේගයේ රජයක් පිහිටුවන එක කිසිම බලවේගයකට නවත්වන්න බැහැ යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් කීය.
(කේ.එල්. සුරවීර මහනුවර)