ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා කවුරුන් බලපෑම් කලත් ඊශ්‍රායලය සූදානම් නැතැයි ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරයි. මේ මොහොතේ සටන් විරාමයකට යාම හමාස් සංවිධානයට හිස නැමීමක් බවත් එනිසා මේ මොහොතේ කිසිම අවස්ථාවක ගාසා තීරයේ සටන් විරාමයක් ක‍්‍රියාත්මක නොකරනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
ගාසා තීරයේ සටන් විරාමයක් ඇති වන්නේ හමාස් සටන්කාමීන් සියලු දෙනා මරා දැමීමෙන් පසුව බවත් දීර්ඝකාලීන යුද්ධයකට ඊශ්‍රායලය සූදානම් බවත් ඔහු අවධානය කරයි.
මානුෂීය හේතු මත ගාසා තීරයේ වැසියන් ආරක්ෂා කිරීමට සටන් විරාමයක් අවශ්‍ය බවට එක්සත් ජාතික ආරක්ෂ මණ්ඩලයටත්, මහා මණ්ඩලයටත් රටවල් බොහොමයක් යෝජනා ඉදිරිපත් කෙරුණු නමුත් ඇමෙරිකානු නිශේධ බලය යොදා එම යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබේ.
