gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ආර්යාවට ලැබෙන ආරක්‍ෂාව සාගල රත්නායකට දීලා - හිරුණිකා

ජනාධිපති ආර්යාවට ලබාදිය යුතු ආරක්ෂාව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාට ලබාදී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

ජනාධිපති ආර්යාව කිසිදු ආරක්ෂකයෙකු නොමැතිව විවිධ අවස්ථාවන්ට සහභාගී වෙමින් ඇති බවත් නමුත් සාගල රත්නායක මහතා ජනාධිපති ආරක්ෂක ඒකකයේ ආරක්ෂාව සහිතව ගමන් බිමන් යන බවත් ඇය කියා සිටියාය.

සාගල රත්නායක මහතා සහභාගී වන උත්සව අවස්ථාවට පෙර ජනාධිපති ආරක්ෂක ඒකකය එහි පැමිණ විශාල පරීක්ෂාවක් සිදු කරන බවත් ජනාධිපති පැමිණෙන ආකාරයේම ආරක්ෂාවක් එහි තහවුරු කරන බවත් ඇය කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කරන ලදී.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka