gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙසැම්බරයෙන් පසුව ඇඟලුම් කම්හල්වලින් 20% තුන් මසක් වහන්න යයි

දෙසැම්බර් නිවාඩුවෙන් පසු ඇතැම් මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලින් 20%ක් පමණ සංඛ්‍යාවක් මාසයක සිට තුන් මාසයක කාලයක් දක්වා වසා තැබීමට තීරණය කර ඇතැයි නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා කියයි.

මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ කම්හල්වලින් 50%ක් පමණ වසා දමා ඇති බවද ඔහු කියා සිටී.

එසේම ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් අවම වීම සහ පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ ආයෝජකයන්ගේ ආදායම මේ වන විට 25%කින් පමණ පහත වැටී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

මේ තත්ත්වය මත ඇතැම් දේශීය ආයෝජකයන් වෙනත් රටවල ආයෝජනය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින්නේ යැයිද ඔහු කියා සිටී.

ඇතැම් ආයෝජකයන් සේවකයන්ට වන්දි ලබා දී සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මේ වන විට මහා පරිමාණ ආයතන 10ක පමණ එලෙස වන්දි ගෙවා සේවකයන් ඉවත් කර ඇතැයි පැවසේ.

මේ අතර ඇතැම් ආයතන හිමිකරුවන් සිය සේවකයන්ට පූර් ණ හෝ අර්ධ වැටුපක් ලබා දී ඔවුන් නිවෙස්වල රඳවා ඇති බවද වාර්තා වේ.

ඇතැම් කම්හල් සතියකට දින 4ක් පමණක් නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, ඇතැම් ආයතන සතියක් හැර සතියක් පමණක් විවෘතව තබන බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.

ඇණවුම් අවම වීමට අමතරව විදුලි බිල ඇතුළු වෙනත් පිරිවැය විශාල ලෙස ඉහළ ගියද එයට සරිලන මිලක් නොලැබීම ආයෝජකයන්ගේ ආදායම පහත වැටීමට බලපා ඇති බව ක්ෂ‍ේත්‍ර ප්‍රවීණයෝ පෙන්වාදෙති.

බොහෝ රටවල් ඉතා අඩු මිලට සේවා සැපයීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනකරුවන්ට වෙනත් රටවල් සමඟ තරග කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka