gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඝාතන 12ක් ගැන ගනේමුල්ල සංජීව වමාරයි! ගෝලයන් 18ක් රටින් පන්නලා!

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ පාතාල කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීවගෙන් මේ වනවිට සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගල ඝාතන 12ක කරුණු අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඔහුගේ මෙහෙයවීම මත සිදුකළ අපරාධ සිද්ධීන් 20ක් අනාවරණය කරගෙන ඇති අතර පුද්ගල ඝාතනවලට අමතරව වෙඩි තැබීම් සහ තුවාල කිරීම් ද වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අපරාධ කිහිපයක් සඳහා යොදාගත් විවිධ ගිනිඅවි කිහිපයක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ. ඉකුත් සැප්තැම්බර් මස 13 වන දා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ගනේමුල්ල සංජීව ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර කෙරිණි.

ඉන් අනතුරුව දින 90ක රැඳවුම් නියෝග මත ඔහු වීරඟුල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කෙරුණු අතර දැඩි ආරක්ෂාව මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

මේ අතර, ගනේමුල්ල සංජීව මෙම මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් බොහොමයක් තමා විසින් සිදුකළ බවට පිළිනොගෙන ඇති අතර විමර්ශන නිලධාරීන් පවසන්නේ ඔහුගේ මෙහෙයවීම මත ගෝලබාලයන් මෙම සිද්ධීන් සිදුකර ඇති බව ය.

මේ අතර, ගනේමුල්ල සංජීවගේ මෙම අපරාධවලට සම්බන්ධ ගෝලබාලයන් 18 දෙනෙකු ඔහු විසින් නීති විරෝධී අයුරින් විදෙස්ගත කරනු ලැබ ඇති බවට ද තොරතුරු හෙළිව තිබේ.

මේ අතර, ඔහුට සහ ඔහුගේ බිරිය ඇතුළු පවුලේ අයගේ බැංකු ගිණුම් ද විමර්ශන නිලධාරීන් පරීක්ෂා කර ඇති බව වාර්තා වේ.

බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka