පිරමීඩ ජාවාරමක මුදල් යොදවා සිත් තැවුලෙන් සිටි උපකාරක පන්ති ගුරුවරයකුගේ සිරුර බොල්ගොඩ ගඟෙන් සොයාගනී!
පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී අද හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි.
මියගොස් ඇති පුද්ගලයා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අය බවට පවුලේ සාමාජිකයන් හදුනාගෙන ඇති බවද පොලිසිය කීය.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදුකරන ලදී.
මියගොස් ඇති තැනැත්තා කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු ලෙසින් කටයුතු කරන බවත්, පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත් තැවුලෙන් සිට ඇති බවටද තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.
-lankadeepa
පිරමීඩ ජාවාරමක මුදල් යොදවා සිත් තැවුලෙන් සිටි උපකාරක පන්ති ගුරුවරයකුගේ සිරුර බොල්ගොඩ ගඟෙන් සොයාගනී!
2023-11-14T22:22:00+05:30
Gossip Lanka Hot News






