රට ආර්ථිකමය වශයෙන් බංකොලොත් වී ඇති අවස්ථාවක රටේ ප්‍රධාන ප්‍රශනය විය යුත්තේ ක්‍රිකට් ද යන්න වර්තමාන ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශකවරයා කියා සිටින්නේ, විපක්ෂ නායකවරයා ද රටේ ප්‍රධාන ම ප්‍රශ්නය ක්‍රිකට් ලෙස සිතා කටයුතු කරන බවයි.
කඩා වැටුණු රට ගොඩනගන්නට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සමග එක් ව ක්‍රියාකිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට නොහැකි මන්දැයි විමසන චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් කියා සිටින්නේ, තමන්ගේ මූලික අවශ්‍යතාවන්වත් හරියාකාර ව ඉටු කර ගැනීමට නොහැකි ව රටේ ජනගහනයෙන් බොහෝ පිරිසක් ඉතා දුෂ්කර ජීවිත ගෙවන බවයි.
මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, "රටේ ජාතික ප්‍රශ්නයක දි, ගොවි ජනතාවගේ කාබනික පොහොර ප්‍රශ්නයක දි විපක්ෂය සමග එක්ව ජනතා ගැටඵ විසදන්නට රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයාට ජනතාවගේ දුක් වේදනා ගැන හැගීමක් තිබුණේ ම නැද්ද? දැන් රටේ ලොකු ම ප්‍රශ්නය ක්‍රිකට් කියලා හිතාගෙන පාර්ලිමේන්තුවේ හැමදාම කථා කරනවා. ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය වසර දෙකේදි ජනතා ප්‍රශ්න වෙනුවෙන් දින කීයක් පාර්ලිමේන්තුවේ දී කථා කර තිබේ ද? මෙම තත්වය දැන් ජනතාවට හිසරදයක්, කරදරයක්, පිළිකුලක් බවට පත් ව ඇත." යනුවෙන්.
තව ද ක්‍රිකට් අර්බුදය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දේශපාන මාතෘකාවක් බවට පත් කරගෙන ඇති බව පවසන චන්ද්‍රසේකර මහතා කියා සිටින්නේ, ක්‍රිකට් අර්බුදය හරහා අමාත්‍යවරයා විසින් බොර දියේ මාළු බෑමක් සිදු කරන බවයි.
මේ අතර අමාත්‍යවරයා විසින් ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව කියා සිටින චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් කියා සිටින්නේ,
"ලෝක කුසලානයෙන් අවසන් තරගය තෙක් අපරාජිතව සිට අවසන් මහ තරගයේ දි ඔස්ටේලියාවට පරාජයට පත් වූ ඉන්දියාවෙත් ක්‍රිකට් පාලක මණ්ඩලය ද, එසේ නම් වහාම විසුරුවා හැරිය යුතු ද?
ක්‍රීඩා අමාත්‍යවරයාට බොර දියේ මාලු බාන්නට අවශ්‍ය වූ බවත්, මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසත් හැගේ. ඉන්දියාව ඉදිරියේ ලංකාව පරාජය වන තෙක් බලා සිට ජනතාව නොමග යවා වැරදි ජනමතයක් ඇති කර තවත් අරගලයක් නිර්මාණය කර රජය පෙරලා දැමීමට උත්සාහ කළ බවක් ද දැකගත හැකි ය. තවත් තරග දෙකක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබියදි හදිසියේ, කඩිමුඩියේ, මහා රාත්‍රියේ, හොර රහසේ ගැසට් එකක් මගින් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කරන ලද්දේ මේ හේතුවෙනි. ඒ අනුව ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිඳ දමා ඉතිරි තරග දෙකත් පරාජය කරවීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යවරයා අනිවාර්යෙන්ම බාරගත යුතු යි." යනුවෙන්.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව පැවසීම සඳහා තවත් කාරණාවක් ලෙස චන්ද්‍රසේකර මහතා පෙන්වා දෙන්නේ, ආසියානු සහ ඉන්දිය ක්‍රිකට් පාලක සභාවේ සභාපති ජේ ෂා ව නිර්දය ලෙස විවේචනය කිරීම බව යි.
"ඉන්දියාවේ බලවත්ම අමාත්‍යවරයෙක් වන අම්රිත් ෂා යනු ජේ, ෂාගේ පියා බව ඔහු හොඳින් දන්නා කරුණකි. ඉන්දීය අගමැති මෝදි මැතිතුමාගේ දකුණු අත ජේ ෂාගේ පියා යැයි කිවහොත් එය වඩාත් නිවැරදි වේ. මෙම ජේ ෂා නමැති අය රොෂාන් ඇමතිතුමා විසින් ඉතාම නිර්දය ලෙස විවේචනය කරන හේතුව අපේ අසල්වැසි මිතුරාව යම්කිසි ආකාරයකින් උසිගැන්වීම් කර, රාජතාන්ත්‍රික බැදිම් බිද දමා, දේශපාලන වාසියක් ලබා ගැනිමේ කුමන්ත්‍රණයක් බව පැහැදිලියි." යනුවෙන් ද ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිටපු උපදේශකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.