gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රට පුරා රජයේ රෝහල් 40 වැහෙයි.. තවත් 100ක් වැහෙන්න ආසන්නයි…

දිවයින පුරා වැසී තිබෙන හා වැසීයාමට ආසන්න තත්වයේ තිබෙන රෝහල් නැවත ක්‍රියාත්මක කර රෝගී සත්කාර සේවාවන් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙන ලද්දේ ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පැවති සාකච්ජාවකදීය.

මේ වන විට දිවයින පුරා රජයේ රෝහල් 40 කට ආසන්න ප්‍රමාණයක් වැසී තිබෙන බවත් 100 කට ආසන්න රෝහල් ප්‍රමාණයක් වැසී යාමට ආසන්න තත්වයේ තිබෙන බවත් මෙහිදී අනාවරණය විය.

මේ පිළිබදව විශේෂ අවධානය යොමු කළ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙමින් කියා සිටියේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින්ද , එම කමිටුවේ සාමාජිකයන් බවට පත් කරමින් විශේෂ කමිටුවක් පත් කර මෙම රෝහල් සදහා අවශ්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම කඩිනමින් සිදු කර රෝගී ප්‍රතිකාර සේවාවන් නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

වෛද්‍යවරුන් නොමැතිව මේ වන විට වැසී තිබෙන හා වැසී ‍යාමට ආසන්න තත්වයේ ඇති රෝහල් උතුරු පළාතේ දිස්ත්‍රික්ක, පුත්තලම හා නුවරඑළිය දිස්ත්‍රික්කවල බව අනාවරණය කර ගෙන ඇත.

වෛද්‍යවරුන් විදේශ ගතවීම, විශ්‍රාම යාම, ස්ථාන මාරුවීම් ලබා ගැනීම, සේවය අතහැර යාම වැනි කාරණා හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බව ද මෙහිදී අනාවරණය විය.

දැනට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතව ඇති ගැටලුවලට විසදුම් සෙවීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා සම්බන්ධ වෘත්තීය සමිති සමඟ නිරන්තරව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට ර‌ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රසාදය ද මෙහිදී පල කෙරිණි.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, වෛද්‍යවරුන්ගේ පුහුණුවීම්, සේවා අවශ්‍යතාවය මත වෛද්‍යවරු රෝහල් වෙත අනුයුක්ත කිරීම්, වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ මාරුවීම් පිළිබදව ද මෙහිදී සාකච්ජාවට ලක් විය.

– Media unit
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka