gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දරුවන්ට පොලිතින් කැවූ නාවලපිිටිය විදුහල්පති 04 වැනිදා දක්වා රිමාන්ඩ්…

ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ ළමුන් පස්දෙනෙකුට කෑම ඔතන පොලිතින් කැවු විදුහල්පතිවරයා  නාවලපිටිය පොලිසිය විසින් ඊයේ  (28) දින සැකපිට අත්අඩංගුවට ගෙන අද (29) දින නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර  වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු ලබන මස (04) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නාවලපිටිය බව්වාගම ප්‍රදේශයේ පදිංචි ජානක ජයවර්ධන නැමති (47) හැවිරිදි සැකකාර විදුහල්පතිවරයාය.


ඉකුත් දින එම පාසලේ 11 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් පිරිසක් දිවා    ආහාර අනුභව කර ආහාර රැගෙන පැමිණි පත්තර පිටු සහ පොලිතින් ආපසු රැගෙන යාමට බැගය තුළට දමා සිටියදි සැකකාර විදුහල්පතිවරයා විසින්  එම  පොලිතින් කොල පාසල් ළමුන් හත්දෙනෙකුට කන ලෙස නියෝග කර තිබිණි.
අනතුරුව එසේ පොලිතින් ගිල දැමු පාසල් ළමුන් පස්දෙනෙකු වමනය , උදරයේ අමාරුව වැනි රෝග ලක්ෂණ සහිතව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇළලත් කළේය.   එම සිසුන් පස්දෙනා දින කිහිපයක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් ඇත.

එම සිසුන්ගේ දෙමව්පියන් විසින් නාවලපිටිය පොලිසිය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරිමෙන් අනතුරුව   සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති බවය. එසේ යනවිට   සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි.

සිද්ධිය ජන මාධ්‍ය මගින් ප්‍රචාරය විමත් සමග අධ්‍යාපන අමාත්‍යංශය විසින් සැකකාර  විදුහල්පතිවරයාව ගම්පොල කලාප අධ්‍යාපන කර්යාලය වෙත අනුයුක්ත කිරීමට කටයුතු කළේය.

අතුරුදහන් වි සිටි හිටපු සැකකාර විදුහල්පතිවරයා  පොලිස් අත් අඩංගුවට පත්වීම වළක්වා ගැනීම සඳහා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අපෙක්ෂිත ඇපයක් ඉල්ලා සිටියේය. ඒ  අවස්තාවේ මහෙස්ත්‍රාත්වරයා අපෙක්ෂිත ඇපය ලබාදිම ප්‍රතික්ෂේප කර තිබිණි.

සැකකරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටි අවස්තාවේ නාවලපිටිය පොලිසියේ නිලධාරින් සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුව ගත්තේය.
-හැටන් රංජිත් රාජපක්ෂ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka