gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජයකලා මහේෂ්වරන්ට නිදහස!

ඉකුත් 2018 වසරේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් අනතුරුව ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර තිබෙනවා.

ඒ අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි.

2018 ජුලි 2 වැනිදා යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස ඔසවනවා දකින්නට කැමති බව සඳහන් කරමින් කළ ප්‍රකාශයක් මගින් ජාතීන් අතර අප්‍රසාදය ඇති කිරීමට හෝ උසිගැන්වීමට උත්සාහ කළ බවට විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව සිංහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමි විසින් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බී වාර්තාවක් ගොනු කර තිබූ අතර ඇයට එරෙහි ව අදාළ පැමිණිල්ල කර තිබූ අතර ඇයට මීට පෙර ඇප නියම කර තිබුණා.

අදාළ බී වාර්තාව ගොනු කරමින් එවක දී පොලිසිය සඳහන් කළේ, දණ්ඩ නීති සංග්‍රහයේ 115 සහ 120 වගන්ති යටතේ සිදු කර ඇති බව පෙනෙන වැරදි යටතේ මහේෂ්වරන් මහත්මියට චෝදනා එල්ල විය හැකි බවයි.

කෙසේ නමුත් මීට පෙර පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ, මෙම සැකකාරියට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka