gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය ඇමති චානකගේ මාමට වෙඩි තිබ්බේ හමුදාවෙන් පන්නපු තුවක්කුවකින්?: පොලිසියට සැකයක්!

රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතාගේ මාමණ්ඩිය වූ ලලිත් වසන්ත මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් පැහැරගත් ගිනි අවියක් බවට පොලීසිය සැක කරනවා.

කරන්දෙණිය යුද හමුදා කඳවුරෙන් ටී-56 ගිනි අවියක් අස්ථානගත වී ඇති බවට පසුගිය දා එහි උසස් නිලධාරියෙකු ඇල්පිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අදාළ කඳවුරේ අවි ගබඩාව අසල වළ දමා තිබූ ටී-56 ගිනි අවි සඳහා යොදාගන්නා මැගසීන් 14ක් සොයාගෙන තිබුණා,

මේ අතර මින්නේරිය යුද හමදා කඳවුරෙන් පසුගිය 2020 වසරේදී ගිනි අවි 74ක් අස්ථානගත වී ඇති බවට වාර්තාවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කළ අතර එහි ප්‍රථිපලයක් ලෙස ගිනි අවි 36ක් හෝමාගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් සොයා ගැනුණා.

අතර තවත් ගිනි අවි 38ක් මේ වනතෙක් සොයාගෙන නොමැති පසුබිමක, යුද හමුදාව අධිකරණයට දැනුම්දී ඇත්තේ එවැනි ගිනි අවි අස්ථානගතවීමක් සිදුව නොමැති බවයි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka