gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනකගේ කාලේ උපයෝගිතා කොමිසමේ සෙල්ලම් : විගණන වාර්තාවකින් එළියට!

ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ හා මහා භාණ්ඩාගාරයේ පූර්ව අනුමැතිය ලබා ගැනිමකින් තොරව, සිය ආයතනයේ කාර්යමණ්ඩලය සඳහා දිමනා වර්ග දහයක් යටතේ ඉකුත් වර්ෂය තුළ දී (2022) රුපියල් මිලියන 58.9ක මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසනවා.

එමෙන් ම කොමිෂන් සභාවේ නිලධාරින් 20 දෙනෙකු විසින් රාජ්‍ය හා පුද්ගලික බැංකුවලින් රුපියල් මිලියන 95.6ක නිවාස හා දේපල ණය ලබාගෙන තිබූ බවත් එකි ණය මුදල් වෙනුවෙන් වූ රුපියල් මිලියන 3.9ක් වූ පොලි මුදල භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව කොමිෂන් සභාව විසින් ගෙවා ඇති බව ද එම විගණන වාර්තාව සඳහන් කරනවා.

අදාළ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල්, නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල්, සහ අධ්‍යක්ෂක තනතුරු දරණ නිලධාරින් 13 දෙනෙකුට අනුමත මාසික දිමනාව ඉක්මවා ඉකුත් වර්ෂය තුළ දී ඉන්ධන ලිටර් 4950ක් සඳහා රුපියල් මිලියන 1.7ක මුදලක් ගෙවා තිබුණා.

කොමිෂන් සභාවේ නිලධාරින් 25 දෙනෙකුට රුපියල් මිලියන 2.7ක මුදලක් වාහන දිමනා වශයෙන් වැඩිපුර ගෙවා තිබු බව ද විගණන වාර්තාවේ සදහන්.

වාහන දිමනා ලබා ගන්නා නිලධාරින් 12 දෙනෙකුට කොමිෂන් සභාව විසින් මාසිකව රුපියල් 20000 බැගින් රියදුරු දිමනාව ලෙස රුපියල් මිලියන 2.5ක මුදලක් ගෙවා තිබූ බව ද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන් ම වගකිවයුතු නිලධාරියකු විසින් වවුචරපත් අනුමත කිරිමකින් තොරව වවුචර පත් 31 සඳහා රුපියල් මිලියන 1.5ක මුදලක් ගෙවා තිබුණා.

කොමිෂන් සභාවේ නිලධාරින්ට ගෙවා තිබූ රුපියල් මිලියන 1.1ක් වන අතිකාල දිමනා වවුචරපත් 51ක් නිසි ලෙස සහතික නොකර ගෙවා තිබු බව ද

අදාළ විගණන වාර්තාවේ සදහන්.

මේ අතර නියැදි විගණන පරික්ෂාවට අනුව විධිමත් තහවුරුකිරිමේ උපලේඛන රහිතව රුපියල් මිලියන 2.9ක් වටිනා වවුචරපත් 56ක් සදහා ගෙවිම් කොට තිබු බව ද එහි වැඩිදුරටත් සඳහන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka