ICC ලෝක කුසලානයට තරග වදිමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායම අභ්‍යන්තරයේ ඇති වී ඇතැයි වාර්තාවන විශාල ගැටුමක් නිරාකරණය කිරීම සඳහා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අද හෝ හෙට හදිසියේ කණ්ඩායම හමුවීම සඳහා ඉන්දියාවට යාමට සූදානම් වෙමින් ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.
කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු සභාපති අතර ඇති වී තිබෙන මත ගැටුම කණ්ඩායම අභ්‍යන්තරය තුළ ඇති සාමුහිකත්වයට ද බරපතල ප්රශ්නාකාරී තත්ත්වයක් ඇති කර බව එම ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ලෝක කුසලානයේ වැඩියෙන්ම ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුව ඇති කණ්ඩායම බවට පත්ව ඇත.
දිගින් දිගටම සිදුවන ක්‍රීඩකයන්ගේ ආබාධ නිසා ක්‍රීඩකයන් නිතර මාරු කිරීම මුහුණ දුන් තරග හතරෙන් තුනක්ම පරාජය වී ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසු වීම , නායකයා ආබාධයක් බව කියමින් සංචාරක අතිරේක ක්‍රීඩකයකු ලෙස තබාගෙන වෙන අයකු නායකයා බවට පත්කිරීම වැනි ගැටලු රැසකට මුහුණ දීමට ශ්‍රී ලංකා පිලට සිදු වී තිබේ.
තෙවෙනි පරාජයෙන් පසු පෙරලා ලංකාවට පැමිණි මහේල ජයවර්ධන නොමැතිව සිව්වැනි තරගය ශ්‍රී ලංකා පිල ජය ගත් අතර මහේල නැවතත් ඉන්දියාවට ගොස් කණ්ඩායමට එක්ව තිබේ.

ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා අද හෝ හෙට හදිසියේ කණ්ඩායම හමුවීම සඳහා ඉන්දියාවට යාමට සූදානම් වන්නේ ඒ් අතරය.
ඈෂ්ලි එහි යන්නේ කණ්ඩායම තුළ හට ගෙන ඇති ගැටළු නිරාකරණය කිරීමට බව ලංකාසරට වාර්තා වේ. කණ්ඩායම තේරීම් පිළිබඳවද පුහුණුකරු, තේරීම් කමිටු සභාපති අතර මත ගැටුම් හටගෙන ඇතැයිද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.