gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නිමල් ලංසා හෙරොයින්, ගංජා ගැන හොදට දන්නවා... ඔහුගේ නිවසේ කුඩු වටලද්දී මහින්ද බේරාගත්තලු - සනත් නිශාන්ත (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතාට කුඩු ගංජා හා හෙරොයින් ගැන හසළ දැනුමක් ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරයි. එ නිසා නාමල් රාජපක්ෂ මහතා සමඟ විවාදයකදී නිසැක වශයෙන්ම ඒ පිළිබඳව ලංසා මහතා කර ජය ගනු ඇති බවද පැවසූ ඔහු නාමල් රාජපක්ෂ මහතාට එවන් විෂයන් ගැන කිසිදු දැනුමක් නැති බවද කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජය නිමල් ලංසා මහතාද හේතුවක් වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ලංසා මහතාගේ නිවසේ මත්ද්‍රව්‍ය තිබිනු බවට ලද තොරතුක් මත ඔහුගේ නිවස වැටලීමට විශේෂ කාර්ය බලකාය කටයුතු කළ අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහු බේරා ගැනීමට මැදිහත් වූ බවට ප්‍රබල චෝදනාවක් එල්ල වු බවත් එය මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට සෘජුව බලපෑ හේතුවක් බවද කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති ඊයේ රාත්‍රියේ පැවති වැඩසටහනකදීය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka