ජැක්සන් ඇන්තනී මහතාට ඇති ගෞරවය තමන්ට ද ඇති බව සිතාගෙන සජිත ඇන්තනි මහතා විවිධ ප්‍රකාශ නිකුත් නොකර සිටි යුතු බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදී විද්වත් මණ්ඩලය සඳහන් කරයි.
එහි කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ ජාතික රෝහලට වෙන්ටිලේටර යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව මේ මොහොතේ සාකච්ඡා නොකළ යුතු බවයි.
ජැක්සන් ඇන්තනි යනු මෙරට අසහාය නළුවෙක් බවත් ඔහුට අගෞරවයක් නොවන දෙස අදාල කාරණාව පිළිබඳව සංගමයක් ලෙස තමන් කරුණු හෙළිදරව් කරන ලද බවද හෙතෙම පැවසීය.
එනිසා මෙවන් මොහොතක සජිත ඇන්තනී මහතා සිදුකරන ප්‍රකාශයන් පිළිබඳව ඉතා සැලකිලිමත් විය යුතු වුවත් එම ප්‍රකාශයන්ට විෂයන් දන්නා පුද්ගලයන් ප්‍රතිචාර දැක්වීමට ගියොත් ජැක්සන් ඇන්තනි මහතාට අගෞරවයක් වීමට හැකි බවද හෙතෙම කියා සිටියේය.
කෙසේ නමුත් ජැක්සන් ඇන්තනී මහතාගේ මරණයට අදාළව සෝමරත්න දිසානායක මහතා අවස්ථා කිහිපයක දී ම මතු කරන ලද කාරණාව පිළිබඳව සජිත ඇන්තනි මහතා අවධානය යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි.
මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ රෝගීන්ට ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් සෝමරත්න දිසානායක මහතාගේ ප්‍රකාශය හරහා චෝදනා එල්ල වන බවද ඇන්තනී මහතාගේ මරණය පිළිබඳ ව ඉතා පැහැදිලි චෝදනාවක් සෝමරත්න දිසානායක මහතා එල්ල කරමින් සිටියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ පිළිබඳව පරීක්ෂණ නොකර සිටින්නේ මන්දැයි ද ඔහු ප්‍රශ්න කළේය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
වෙන්ටිලේටර යන්ත්‍රයක් ගැන පමණක් කථා කරමින් සෝමරත්න දිසානායක මහතා වැනි සමීපතමයෙක් එල්ල කරන චෝදනා ගැන පවුලේ කිසිවකු එක වචනයක් හෝ කථා නොකිරීම ගැන පුදුම සහගත බවද හෙතෙම තවදුරටත් එහිදී කියා සිටියේය.