ඊශ්‍රායලය හා පලස්තීනය අතර ඇතිවී තිබෙන යුද ගැටුම් වහා නැවැත්වීම සඳහා ආරක්ෂක කවුන්සිලයේ වහා කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික සංවිධානයේ විශේෂ ඉල්ලීමක් කරයි.
ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරයෙන් 500කට වැඩි රෝගීන් පිරිසගේ ජීවිත අහිමිවී ඇති බවද පැවසූ ඔහු මේ වන විට යුධමය තත්වය හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් 1400ත් පලස්තීන ජාතිකයන් 3000 ප්‍රමාණයක් මියගොස් ඇති බවද පෙන්වා දුන්නේය.
මේ සියල්ල මහා ජන සංහාරයක් ලෙස හැඳින්විය හැකි බවද කී විපක්ෂනායකවරයා තත්ත්වය සමනය කිරීමට වහාම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයන් කැඳවන ලෙසද ඉල්ලා සිටියේය.
ගාසා තීරයේ සිදුවන ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් ඔහු ඉල්ලා සිටියි.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.