gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කමිටු 2ක විමර්ශන වාර්තා තවම ඉදිරිපත් කර නෑ! ඔක්කොම එකතු වෙලා සාක්කි හංගන්න හදනවා! උණට බෙහෙත් ගන්න ගිය 8 හැවිරිදි දැරියගේ අතක් කපා දැමූ සිද්ධියේ සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඉල්ලීමක්!

පසුගිය දිනක වාර්තා වූ, උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ඇතුලත් වූ අට හැවිරිදි දැරියකගේ අතක් කපා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තුන් දෙනා වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කරන්නැයි දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ඊයේ (11) යාපනය මහේත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

එහි දී අදාළ නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබුණේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු දෙක විසින් ම ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කොට නොමැත්තේ සිද්ධියට සම්බන්ධ සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට බවට විශාල සැකයක් පවතින නිසා බවයි.

එහෙයින් ඔවුන් ව පොලීස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වනු ඇතැයි පවසන නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසයි.

යාපනය රෝහලේ පාලන අධිකාරිය මෙන් ම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් මෙම සිද්ධිය යටපත් කොට සිද්ධියට සම්බන්ධ පිරිස බේරා ගැනීමට කටයුතු කරගෙන යන බවට සාක්කි විශාල ප්‍රමාණයක් ඇති බවද නීතිඥවරු අධිකරණය හමුවේ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් දැරිය වාට්ටුවට ඇතුළත් කළ අවස්ථාවේ දී ප්‍රධාන හෙදිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ඇමතුමක් ලබා ගෙන ඊට පිළිතුරු ලබා දෙමින් සිටි බවට, ඇසින් දුටු සාක්කි කමිටුව වෙත ලැබී ඇති නිසා යාපනය ශීක්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු පිරිසට ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කලත් දැරියට වූ අසාධාරණය සම්බන්ධයෙන් මෙතෙක් පියවර ගෙන නොමැති බවයි නීතිඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේ.

මේ නිසා එම වාට්ටුව බාරව සිටි වෛද්‍යවරිය හෙදිය හා පිරිමි හෙද නිලධාරියා වහාම අත් අඩංගුවට ගත යුතු බවද නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka