කටුනායක ගුවන් තොටුපොළේ දී ගුවන් මගියෙකු ගේ රන් භාණ්ඩ කොල්ලකෑමේ චෝදනා එල්ල වූ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරියකු ගුවන් තොටුපල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඉන්දියාව බලා යාමට පැමිණි වත්තල ප්‍රදේශයේ කාන්තාවක ගමන් මල්ල පරීක්ෂා කරන යන්ත්‍රය අසලදී එහි තිබී රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ මෙම ආරක්ෂක නිලධාරියා විසින් සොරා ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම කාන්තාව ඉන්දියාවේ බැංගලෝරයට ගොස් එහිදී තම භාණ්ඩ නැතිවීම සම්බන්ධයෙන් මෙරට ගුවන්තොටුපල බලධාරීන් වෙත විද්‍යුත් තැපෑලෙන් කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ සිදු කර තිබේ.

![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)