මගී ප්‍රවාහන ධාවන බලපත්‍ර පවා ලබා නොගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා බස් 12ක් ධාවනය කරන සුපිරි බලවතෙකු පිළිබඳව තොරතුරු හෙළිවෙමින් තිබේ.
මෙම බස් ධාවනයේදී සාමාන්‍ය මාර්ග ධාවන නීතිරීති හෝ වෙනත් නීති ද නොතකා කටයුතු කරන බව අනාවරණය වී ඇත. කොළඹ සිට යාපනය කරා පසුගිය සතියේ ධාවනයට යොදවා තිබූ එම බස් රථයක රියදුරෙකු බීමතින් සිට ඇති අතර මගීන් එය පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව රියදුරා අත්තඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වුවද අදාළ පොලිස් නිලධාරීන් සඳහා ඉහළින් එල්ල කරන ලද බලපෑමක් අනුව එම රියදුරු නිදහස් කර තිබිණි.
ජින් නැමැති අන්වර්ථ නාමයකින් හඳුන්වනු ලබන අයෙකු යටතේ මෙම බස් රථ 12 ධාවනයට එක්කර තිබේ. “අන්නෙයි මුතුමාරි“ යන නමින් මෙම බස් රථ නම්කර ඇති අතර මෙට මාසයකට පමණ පෙර වවුනියා ප්‍රාදේශයේදී සිදු කළ මාර්ග අනතුරකින් වෛද්‍ය ශිෂ්‍යාවක ඇතුළු තිදෙනෙකු මිය ගිය බවද වාර්තා වේ.

lankatruth