මන්ත්‍රී උද්දිකගේ ආරක්ෂකයින්ගේ පිස්තෝල රස පරීක්ෂකට! වාර්තාව වහාම අධිකරණයට ඉල්ලයි!
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ ආරක්ෂාවට සිටි ප්‍රභූ ආරක්ෂක අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පිස්තෝල අවි දෙක වහාම රජයේ රස පරීක්ෂකවෙත යොමු කිරීමට නියෝග කර තිබෙනවා.
අනතුරුව අදාළ රස පරීක්ෂක විමර්ශනයේ වාර්තාව වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට නියෝග කළේ.
ආරක්ෂකයින්ගේ පිස්තෝල අවි පරීක්ෂා කිරීමට හේතුවවී ඇත්තේ අදාළ පිස්තෝල අවි දෙකින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද යන්න අනාවරණ කර ගැනීමයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
අනතුරුව අදාළ රස පරීක්ෂක විමර්ශනයේ වාර්තාව වහාම අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට නියෝග කළේ.
ආරක්ෂකයින්ගේ පිස්තෝල අවි පරීක්ෂා කිරීමට හේතුවවී ඇත්තේ අදාළ පිස්තෝල අවි දෙකින් වෙඩි ප්‍රහාර එල්ල කර ඇද්ද යන්න අනාවරණ කර ගැනීමයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මන්ත්‍රී උද්දිකගේ ආරක්ෂකයින්ගේ පිස්තෝල රස පරීක්ෂකට! වාර්තාව වහාම අධිකරණයට ඉල්ලයි!
2023-10-18T21:00:00+05:30
Gossip Lanka Hot News