gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“උඹලා ඔය මැරුවේ මගේ ළමයා වගේ හිටපු එකාව. උඹවයි, උඹේ පුතාවයි වැඩිකල් යන්න කලින් වෙඩි තියලා මරනවා”: ඩුබායි ඉන්න මන්නා රමේෂ්ගෙන් අවිස්සාවේල්ලේ පොලීසියට තර්ජන!

“උඹ දැන ගනින්.. උඹලා ඔය මැරුවේ මගේ ළමයා වගේ හිටපු එකාව.. උඹවයි, උඹේ පුතාවයි වැඩිකාලයක් යන්න කලින් වෙඩි තියලා මරා දමනවා” යැයි ඩුබායි හී සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කැරුවෙකු වන මන්නා රමේෂ් නමැත්තා අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ජයලත් මහතාට ඊයේ දිනයේ දී (15) තර්ජනය කර ඇති බවට ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

තමන්ට එල්ල වූ තර්ජනය සම්බන්ධයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැමිණි කර ඇත්තේ, අවිස්සාවේල්ල පොලීසියටත් සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු මහතා වෙතයි.

පසුගිය දා අවිස්සාවේල්ල ඉහළ තල්දූව ගුරුපස්ගොඩ ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් සිව් දෙනෙකුට වෙඩි තබා ඉන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ තවත් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ හම්බන්තොට දීයි.

අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අවිස්සාවේල්ල පොලීසිය වෙත භාර දී තිබෙනවා.

අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඩුබායි හී රැඳි සිටින කුප්‍රකට අපරාධකරුවෙකු වන මන්නා රමේෂ්ගේ සමීපතම ගෝලයෙකු වන 21 හැවිරිදි මහේෂ් ධනංජය නමැත්තෙක්.

සැකකරු ගුරුපස්ගොඩ දී ද්විත්ව ඝාතනයක් සිදුකර දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු සමගින් යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවද අනාවරණ වී තිබෙනවා.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු පැය 72ක රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වි ඇත්තේ මානියංගම ඇත්පන්තිය පාරේ පාළු නිවසක සඟවා තිබූ ගිනිඅවි කිහිපයක් සම්බන්ධවයි.

ඒ අනුව පෙරේදා (14) එම ගිනිඅවි පෙන්වීමට යාමේදී පොලිස් නිලධාරියෙකු ප්‍රාණ ඇපයට ගැනීමෙන් පොලිසිය සහ සැකකරු අතර ඇතිවූ පොරබැදීමේ දී සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබුණා. (සැකකරු අවිස්සාවේල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය යයි)

සැකකරු මිය ගිය පුවතට උරණ වී ඩුබායි හී සැඟව සිටින මන්නා රමේෂ් නමැත්තා අවිස්සාවේල්ල පොලීසියට දුරකතන ඇමතුමක් ගෙන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට මරණීය තර්ජන කර ඇති බවටයි සීතාවක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරීයෙකු ප්‍රකාශ කර ඇත්තේ.

මන්නා රමේෂ් නමැති කුප්‍රකට තැනැත්තා අවිස්සාවේල්ලේ සිට රත්නපුර දක්වාම ප්‍රබල පාතාල ජාලයක් ගොඩ නගාගෙන තිබෙනවා.

එමෙන්ම මැණික් පතල් හිමියන්, මැණික් ව්‍යාපාරිකයින්ගෙන් රුපියල් ලක්ෂ 30 ඉක්මවූ කප්පම් ද ලබාගෙන තිබෙන බවයි එම පොලිස් නිලධාරීවරයා සඳහන් කළේ.

පාතාල ක්‍රියාවන් මැඩලීම සඳහා සුවිශේෂි ක්‍රියා පටිපාටියක් අනුගමනය කරමින් පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අම්බලන්ගොඩ පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඩී. බාලේන්ද්‍රසිංහ මහතා ද ඝාතනය වුූයේ පසුගිය සතියේ බවයි එම ජාතික පුවත්පත සඳහන් කළේ.

- monara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka