gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැවරවුමේ මගුල් ෆොටෝ ගහන්න ආණ්ඩුකාරවයා ගණන් උස්සයි!

කුරුණෑගල වැවරවුම ආශ්‍රිතව සිදුකෙරෙන විවාහ මංගල ඡායාරූප ගතකිරීම් සඳහා දැනට අයකෙරෙන රුපියල් 1500 ගාස්තුව රුපියල් 5000 දක්වා ඉහළ දැමීමට නියමිත බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සමග, වයඹ පළාත් සභාවේ “මහගෙදර” පරිශ්‍රයේදී ඊයේ රාත්‍රියේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා පැවසුවේ, විවාහ මංගල ඡායාරූප ගතකිරීම් සඳහා රුපියල් 1500ක් ද, වීඩියෝ ගතකිරීම් සදහා රුපියල් සදහා රුපියල් 5000 ක මුදලක් ද කුරුණෑගල මහ නගර සභාව විසින් දැනට අයකරගන්නා නමුත් ඡායාරූප හෝ වීඩියෝ ඕනෑම රූගත කිරීමක් වෙනුවෙන් ඉදිරියේදී රුපියල් පන්දහසක මුදලක් අයකර ගැනීමට සැලසුම් කර ඇති බවයි.

දැනට ඒ සඳහා අය කරගන්නා මුදල ද නගර සභාවට නොලැබෙන තත්ත්වයක් දැකගත හැකි බැවින් අදාළ කටයුත්ත ටෙන්ඩර් හරහා පෞද්ගලික අංශයට ලබාදීමටත්,ඒ හරහා රුපියල් ලක්ෂ 150ක පමණ මුදලක් ඉපැයීමටත් අපේක්ෂා කරන බව ආණ්ඩුකාරවරයා කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka