gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊශ්‍රායලයේ රස්සාවට ගිය මගේ මහත්තයාට මොකද වුණේ? බිරිද සහ දරුවන් හඩා වැටෙයි!

පලස්තින අන්තවාදීන් ඊශ්‍රායලයට එල්ල කරන දරුණු බෝම්බ ප්‍රහාරවලට මැදිවී අතුරුදන්වී සිටින තම ස්වාමි පුරුෂයා හැකි ඉක්මනින් සොයා දෙන ලෙස එරට තානාපතිවරයා ඇතුළු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව අතුරුදන්වී සිටින සුජිත් නිශ්ශංක මහතාගේ බිරිද වන ජයනා මධුවන්ති මහත්මිය පැවැසුවාය.
 
ඊශ්‍රායල් හා පලස්තින අන්තවාදීන්ගේ ප්‍රහාර මැද අතුරුදන් වී ඇති ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් අයකු වන්නේ වෙන්නප්පුව බටහිර කොළින්ජාඩියේ පදිංචිකරුවකු වන සුජිත් නිශ්ශංක බණ්ඩාර යටවරය. දෙදරු පියකු වන ඔහුගේ මුල් පදිංචිය මැදිරිගිරිය ප්‍රදේශයේය. විවාහයෙන් අනතුරුව කොළින්ජාඩිය ප්‍රදේශයේ නිවසක් මිලට ගෙන මෑතකදි එහි පදිංචි සිටී.

වයස අවුරුදු 48 වන සුජිත් බණ්ඩාර 13 වියති දියණියකගේ, 8 හැවිරිදි පුතකුගේ පියකු වන අතර ඔහු ඊශ්‍රායලයේ රැකියාවකට ගියේ මීට වසර 8 කට පෙරය. පළමු වතාවට 2015 වසරේදී මෙරටට පැමිණ බිරිඳ, දූදරුවන් සමග මසක කාලයක් මෙරට රැඳී සිට නැවතත් ඊශ්‍රායලයට ගොස් තිබේ.ඒ අතරතුර වරින්වර සුජිත් සිය බිරිඳ සමඟ වට්ස්අප් මාර්ගයෙන් තොරතුරු හුවමාරු කරමින් දුක සැප බෙදාගත් බව  බිරිඳ ඇඬු කඳුළින් පැවැසුවාය. අවසන් වතාවට පසුගිය 7 වැනිදා සෙනසුරාදා (පෙරවරු 11.00 ට පමණ තම ස්වාමියා වට්ස්ඇප් දුරකතන ඔස්සේ කතා කරමින් සිටියදී දරුණු බෝම්බ සද්ද ඇසුණු බවත්

ඒ සමගම පින්තූර බොඳව සබඳතා විසන්ධි වූ බවත් ජයනා මධුවන්ති මහත්මිය පැවැසුවාය.

අතුරුදන් වී සිටින සුජිත් බණ්ඩාරගේ බිරිඳගේ නැගණිය හා ඥාති මාමා කෙනෙකු ද ඊශ්‍රායල් හි සුජිත් නවාතැන් ගෙන සිටි ස්ථානයට නුදුරින් රැකියා කරන බවත් ඔවුන්ද තම සැමියා සොයමින් සිටින බවත් මධුවන්ති මහත්මිය පැවැසුවාය. සිය සැමියා සොයා සාධාරණයක් කර දෙන ලෙස ඊශ්‍රායල් රටේ තානාපති ඇතුළු බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවත් සිය සැමියා පිළිබඳ තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙසත් ජයනා මධුවන්ති මහත්මිය ඉල්ලා සිටී.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka