මෙලෙස මිය ගොස් තිබුණේ, ටී.ජී. ප්‍රදීපා නම් කාන්තාවක් බවයි ඇයගේ ඥාතීන් විසින් හඳුනාගෙන තිබුණේ.
ටී.ජී.ප්‍රදීපා නමැති 51 හැවිරිදි කාන්තාවක් පසුගිය 27 වැනිදා උදෑසන සිට අතුරුදන් ව ඇති බව පවසමින් ඇය ගේ දියණිය විසින් මුල්ලේරියාව පොලීසියට පැමිණිල්ලක් ගොනු කළා.
ඒ අනුව අදාළ දිනයේ දී සීසීටීවී දත්ත පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා තිබුණා.
එහි දී අනාවරණ වූයේ, අදාළ කාන්තාව අංගොඩ සිට කඩුවෙල දක්වා නිල් පැහැති ත්‍රිරෝද රථයකින් ගමන් කර ඇති බවයි.
අනතුරුව කඩුවෙල නගර මධ්‍යයේ පිහිටි ආපන ශාලවක රථ ගාලේ නවතා තිබූ මෝටර් රථයක රියදුරු අසුනේ සිටි පුද්ගලයකු සමඟින් එම ස්ථානයට පැමිණෙන ආකාරය ද සීසීටීවී කැමරාවේ පටිගත වී බව පොලිසිය සඳහන් කළා.
එහි දී කාන්තාව විසින් ආහාර මිල දී ගෙන දෙදෙනාම විනාඩි 10ක් පමණ ආහාර ලබා ගැනීමෙන් පසු එම ස්ථානයෙන් පිටව ගිය බව සඳහන්.
KI 3030 දරණ අලු පැහැති මෝටර් රථයකින් ඔවුන් පිටව යන අතර එතැන් සිට අදාළ කාන්තව පිළිබඳ තොරතුරක් අනාවරණ වූයේ නැහැ.
මේ අතර අද (02) අදාළ ඝාතනය සිදු කළ සැකකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාරවීමත් සමඟයි.
මෙලෙස භාර වී ඇත්තේ, සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන සුධීර වසන්ත නම් 53 හැවිරිදි වියෙහි පසුවන පුද්ගලයෙක්.
KI 3030 දරණ අලු පැහැති මෝටර් රථයේ හිමිකරු ඔහු වන බවයි පොලිසිය මීට පෙර සඳහන් කළේ.
අදාළ කාන්තාව ඔහු සමඟ වසර 20ක පමණ සිට සමීප සබඳතාවක් පවත්වා ඇති බව ද එහි දී අනාවරණ වුණා.
විවාහකයින් වන ඔවුන් දෙදෙනා අතර කලක සිට මුදල් ආරවුලක් තිබී ඇති බව සඳහන්.
සොයා ගත් තොරතුරුවලට අනුව පොලිසිය විසින් අදාළ පුද්ගලයාට අයිති සියඹලාපේ ප්‍රදේශයේ පිහිටි අත්හැර දමා ඇති නිවසක් පරීක්ෂා කර තිබුණා.
එහි එහි කාමරයක් තුළ තිබී දිගු කෙස් සහ ලේ පැල්ලම් මෙන්ම එම නිවසින් පිටත අර්ධ වශයෙන් පිලිස්සී තිබූ ලේ පැල්ලම් සහිත කාන්තා ඇඳුම් කොටස් හමු වූ බව සඳහන්.
ඉන් අනතුරුව පොලිසිය වෙත ලැබුණ තොරතුරු මතයි, මෙම කවන්දය කැලණි ගඟේ ඉවුරක තිබී සොයා ගැනුණේ.
සුධීර වසන්ත නමැති මෙම ව්‍යාපාරිකයාට විදෙස් ගමන් තහනකමක් පනවා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතා තිබුණා.
මෙවැනි පසුබිමකයි ප්‍රධාන සැකකරු සහ ඔහුට සහාය වූ 48 හැවිරිදි පුද්ගලයා අද පොලිසියට භාර වී ඇත්තේ.
එහි දෙවන සැකකරු සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි කපුමහතෙකු වන බව සඳහන්.
ඔහු ඝාතනය කරන ලද කාන්තාවගේ සිරුරේ කොටස් කපා දැමීම සඳහා ප්‍රධාන සැකකරු වෙත සහාය වී ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.
මේ අතර සැකකරුවන් පොලීසිය වෙත භාරවන අවස්ථාවේ කාන්තා මළ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් රථයද පොලීසිය වෙත රැගෙනවිත් තිබෙනවා.
අදාළ කාන්තාවගේ සිරුරු කොටස්වලට සිදු වූයේ කුමක් දැයි මේ වනවිට පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින බව සඳහන්.
එහි දී ප්‍රධාන සැකකරු පාපෝච්චාරණය සිදු කරමින් සිටින බවයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
