gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහනුවර නගර සභාවේ කඩකාමර බදු දීමේදී මුදල් අයකැමිය රුපියල් දෙකෝටියකට අධික මුදල් පිල්ලි ගහලා!

මහනුවර මහ නගර සභාවේ ආදායම් අංශයේ සේවය කළ කළමනාකරණ සහකාරවරියක  නගර සභාව සතු කඩ කාමර තවත් අයෙකුට පවරා දීමේදී අය කරන ගාස්තු වලින් රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂ අනුතුන්දහස් හත්සිය අනුවක් (135 937900) ක මුදලක් වංචාකර තිබෙන බව විගණනයේ දී අනාවරණය වී තිබෙනවා.

නගර සභාව සතු වෙළෙඳ සංකීර්ණ 04 ක  කඩ කාමර 18 ක බදු අයිතිය එක් බදු කරුවෙකු ගෙන තවත් අයෙකුට පැවරීමේ දී ගාස්තු වශයෙන් අය කළ මුදල් මෙලෙස වංචා කළ බව විගණනයට නිරීක්ෂණය වී තිබෙනවා.

විගණන නිලධාරීන් විසින් අදාළ වංචා සම්බන්ධව අනාවරණය කර ගන්නා අවස්ථාව වනවිට මෙම සේවිකාව  ස්ථාන මාරුවීමක් ලැබ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට ගොස් සිට ඇත.

නගර සභාව සතු කඩ කාමර 31 කින්  කඩ කුලී අය කළ බවට  ව්‍යාජ රිසිට් පත් සකස් කර රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත්දහස් අටසීයක (8277800)  මුදලක් වංචා කළ බවට ද මෙම සේවිකාවට චෝදනා එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර මේ වනවිට ඇගේ සේවය අත්හිටුවා තිබෙනවා.

දැනට අනාවරණය කරගෙන තිබෙන තොරතුරු වලට අනුව මෙම සේවිකාව පසුගිය වසර හතරක කාලයේ දී වංචා කර තිබෙන මුළු මුදල රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය අනූවකි.

නගර සභාව සතු මැණික්කුඹුර, කැප්පෙටිපොල,බෝගම්බර සහ ජොර්ජ් ඊ ද සිල්වා යන වෙළෙඳ සංකීර්ණ 04 ක කඩ කාමර 18 ක බදු අයිතිය එක් බදු කරුවෙකු ගෙන් තවත් බදු කරුවෙකුට පැවරීමේ දී නීතී රීති චක්‍රලේඛ ප්‍රකාරව තීරණය කළ ගාස්තු නගර සභා අරමුදලට බැර නොකර 135 93790 ක මුදල වංචා කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන විමසුමේ දක්වා තිබෙනවා.

විගණන විමසුමේ පිටපත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, පළාත් පාලන කොමසාරිස් හා පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) වෙත යොමුකර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලික මහතා පැවසුවේ විගණන විමසුම පදනම් කර ගනිමින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවයි.

- ඒෂියන් මිරර්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka