රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවාගනු ලැබූ බහුකාර්ය සංවර්ධන පුහුණුලාභීන් 7,317 දෙනෙකු ඉන් ඉවත්ව ගොස් ඇති බැවින් මෙකී පුහුණුලාභීන් සඳහා මාසිකව ගෙවනු ලැබූ රුපියල් 22,500ක මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ඉවත් වූ පුහුණුලාභීන් සඳහා මසක දීමනාව රුපියල් මිලියන 164.63ක් බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන් ම මෙකී වැඩසටහනේ දෙවන අදියර යටතේ අලි වැට නඩත්තු සහායකයන් ලෙස බඳවා ගත් 3,544 දෙනෙකු නයිටා ආයතනයේ පුහුණු වැඩසටහනකට සහභාගි වී තිබූ අතර පුහුණුව අවසානයේ ඉන් 94 දෙනෙකු ඉවත්ව තිබිණි.
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 දින වන විට පුහුණුලාභීන් 38,375 දෙනෙකු බඳවාගෙන තිබිණි.
මේ පිළිබඳ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බළකා දෙපාර්තමේන්තුවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කරනු ලැබ ඇත්තේ, පුහුණුලාභීන් පුහුණු කාලය තුළ විවිධ හේතුන් මත ඉවත්ව ගොස් ඇති බවය.
මොවුන් පළමු මාසයේ න්‍යායාත්මක පුහුණුවෙන් අනතුරුව රජයේ විවිධ ආයතන සඳහා අනුයුක්ත කරනු ලැබ ඇති බැවින් මෙම පිරිස එම ආයතන සඳහා සේවය සපයා ඇති බව දන්වා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.