gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඩයනා සජබ මන්ත්‍රීගේ කලිසම ගලවන්න හදලා – පුරුෂ අයිතීන් රැක දෙන්නැයි සුජිත් ඉල්ලයි (VIDEO)

මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20)  එහි දැඩි  කලබලකාරි තත්වයක් ඇති වූ අතර පාර්ලිමේන්තුවද විනාඩි 10කට කල් තැබුවා.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ  සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී  රෝහණ බණ්ඩාර මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන්  බහින්බස් වීමක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා  සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති බවත් එහිදී ගමගේ මහත්මිය සහ සුජිත් සංජය පෙරේරා අතරද කිසියම්  උද්වේගකර තත්ත්වයක් ඇතිවී තිබූ බවත්   එම ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේවෙතත් සුජිත් සංජය මහතා සඳහන් කළේ ඩයනා ගමගේ මහත්මිය සිය කලිසම පවා ගැලවීමට උත්සහ කළ බවයි.

එමෙන්ම පුරුෂ අයිතීන්ද රැක දෙන ලෙසද ඔහු නියෝජ්‍ය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka