gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉදිරි මාස කීපය තුළ අනුරාධපුරයේ ක්‍රියාත්මක කළ යුත්තේ හිටපු පොහොට්ටුවන්ගේ සංවර්ධන යෝජනා පමණයි…

ආණ්ඩුකාර මහීපාල හේරත්ගෙන් නිලධාරීන්ට විලි ලජ්ජා නැති නියෝගයක්! 
අනුරාධපුර මහ නගර සභාව සහ ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන මගින් මේ වසරේ ඉදිරි මාස කීපය තුළ සිදු කිරීමට යෝජිත  සංවර්ධන කටයුතු සඳහා වෙන්කර තිබෙන ප්‍රතිපාදන වලින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අනුරාධපුර මහනගර සභාවේ හිටපු  නගරාධිපතිවරයා ඇතුලු සෙසු පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා අනුව සිදු කරන ලෙසට උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත්   අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ඇතුලු පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.

ඉකුත් 06 වෙනි සිකුරාදා පෙරවරු කාලයේ අනුරාධපුර නාගරික කොමසාරිස්වරයා ඇතුලු  දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් උතුරුමැද පළාත් සභාවේ කාර්යාල සංකීර්ණයේ පිහිටි ශ්‍රවණාගාරයට කැඳවා පැවති සාකච්ජාවකදී ආණ්ඩුකාරවරයා එම උපදෙස් ලබා දී තිබේ.
 
එදින පෙරවරුවේ අවස්ථා තුනකදී  ඉතා රහසිගතව  මෙම හමුව පවත්වා  තිබිණි.
අනුරාධපුර මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයා ඇතුලු සෙසු  පළාත් පාලන ආයතනවල හිටපු සභාපතිවරුන්ගේ ඉල්ලීමකට අනුව කැඳවා තිබූ මෙම සාකච්ජාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන ,ඔහුගේ සහෝදර උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකුවන එස්.එම්.රංජිත්  සහ අනුරාධපුර මහනගර සභාවේ හිටපු නගරාධිපති එච්.පී.සෝමදාස   ඇතුලු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතනවල හිටපු  පොහොට්ටු  සභාපතිවරුන් සහභාගී වූහ
 
අනුරාධපුර – පර්සි කුරුනේරු
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka