අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍ය සහ එහි පාදමේ මැණික් ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ මැණික් ඇතුළත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් මහජන කැලඹීම් මතු කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
ඒ අනුව අනූජ රෂන්ත ජයසිංහ නමැති විත්තිකරුට එරෙහිව මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත.
ඉකුත් ඔක්තෝබර් මස 16 වැනිදා ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයෙන් චෝදනා දෙකක් විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර තිබේ.
2022 මැයි මස 01 වැනිදා සහ මැයි මස 31 වැනිදා අතර කාලය තුළදී යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ “ටෘත් විත් චමුදිත” නම් වැඩසටහනේදී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ චූඩාමාණික්‍යය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් විත්තිකරු විසින් මහජන කැලඹීමක් ඇති කිරීමට උත්සාහ කර ඇති බවට සහ එමඟින් එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පුරවැසියන්ගේ හැඟීම් ඇවිස්සීමට තැත් කිරීම මඟින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 යටතේ විත්තිකරු විසින් වරදක් කර ඇති බවට අදාළ චෝදනා පත්‍රයේ පළමු චෝදනාවෙහි සඳහන් වෙයි.
එසේම අදාළ ප්‍රකාශ මඟින් එම මැණික් සිද්ධියට එවකට රුවන්වැලි මහා සෑයේ අධිපතිව සිටි ප්‍රධාන සංඝනායක පල්ලේගම සිරිසුමන රත්නපාල හේමරතන හිමියන් වගකිව යුතු බවට ප්‍රකාශයක් සිදුකර එම හිමියන්ට නින්දා සිදු කිරීමට සහ මහජන සාමය කඩ කිරීමේ අදහසින් එවැනි ප්‍රකාශයක් කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් නීති සංග්‍රහයේ 490 සහ 484 යටතේ වරදක් කළ බවට එම චෝදනා පත්‍රයේ සඳහන් වේ.
මෙම නඩුවට අදාළව පැමිණිල්ලේ ලේඛන පහළොවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අතර පැමිණිල්ලේ සාක්කිකරුවන් දාසය දෙනෙකු ඉදිරිපත් කිරීමට අපේක්ෂිතය.