ඉකුත් දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් හිටපු අමාත්‍ය නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමත් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඈත් වී විපක්ෂය සමග එක්ව කටයුතු කිරීමට ඉකුත් වකවානුවේ දී කටයුතු කළ මන්ත්‍රීවරුන්ගේ ආතතිය වැඩි වී ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව විපක්ෂය සමග අත්වැල් බැඳගත් ඇතැම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්‍රීවරුන් විසින් තමන්ගේ පාර්ලිමේන්තු අසුන අහිමි වන පරිදි, තමන්ට එරෙහිව විනය විනය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස එම පක්ෂයේ ඉහළ නායකයන්ගෙන් මේ වන විටත් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
ඉකුත් වකවානුවේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුහුණ දුන් දැවැන්ත දේශපාලන අභියෝගය හමුවේ, 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ම ඉන් ඉවත් වී විපක්ෂය සමග කටයුතු කරනු පෙනෙන්නට තිබුණා.
මේ ආකාරයෙන් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන බලවේගය වන සමගි ජන බලවේගය සමග කටයුතු කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා, පොදුජන පෙරමුණේ පක්ෂ ධුරාවලිය වෙත තමා සමගි ජන බලවේලගය සමග කටයුතු නොකරන බව දන්වා තිබෙන බව ඉංග්‍රීසි පුවත්පතක් අද අනාවරණය කර තිබුණා.
එහි දී ඔහු විසින් ඉල්ලා ඇත්තේ තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන ඉවත් කිරීමට අදාළ විනය ක්‍රියාමාර්ග නොගන්නා ලෙසයි.
කෙසේ නමුත් ඉකුත් දා නසීර් අහමඩ් අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු අසුන අහිමි කිරීමට අධිකරණය විසින් ලබා දුන් තීරණයෙන් පසුව විපක්ෂය සමග කටයුතු කළ පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ම එහි ඉහළ පෙළ නායකයන්ට මේ වන විටත් දුරකතන ඇමතුම් ලබා දෙමින් තමාට එරෙහිව විනය පියවර නොගන්නා ලෙස ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
ඉකුත් 2021 අයවැයේ දී පක්ෂයේ නිල ස්ථාවරයට පිටින් ගොස් එවක රජය සමග අයවැයට පක්ෂව ඡන්දය ලබා දීමට කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඔහුව පක්ෂයෙන් නෙරපා හැරීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින් අධිකරණය ලබා දුන් තීන්දුවෙන් අනතුරුව අහමඩ් මහතාට ඔහුගේ පාර්ලිමේන්තු අසුන අහිමි වුණා.