gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උද්දික ප්‍රේමරත්න බලන්න පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු වැල නොකැඩී එයි (VIDEO)

වෙඩි ප්‍රහාරයකින් දිවි බේරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ සුවදුක් විමසීමට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා සජබ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා එම නිවසට පැමිණෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාට වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ CID බාරදී තිබේ.

උද්දික පේමරත්න මහතා ඊයේ රාත්‍රී 10.45ට පමණ අනුරාධපුර, ගුවන්තොටුපල මාර්ගයේ ඇති සිය නිවසට පැමිණෙමින් සිටියදී නාදුනන පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් තිබිණි.

මේ වන විට මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය විසින් පොලිස් කණ්ඩායම් තුනක් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති අතර CCTV දර්ශන සොයා ගැනීම පිළිබඳව ද පරීක්ෂණ  කණ්ඩායමේ අවධානය  යොමුවී ඇති බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් හා උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ සුවදුක් සොයා බැලීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හා සමගි ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් නායක රෝහන බණ්ඩාර මන්ත්‍රීවරයා එම  නිවසට පැමිණියහ.

(ඉන්දික රංගජිව - අනුරාධපුරය )


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka