වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු දේශීය තරගාවලි අත්හිටුවයි - ඊමේල් පණිවුඩයකින් සියලුම අංශ දැනුවත් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සියලු දේශීය තරගාවලි වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන දැනුම්දීම මේවනවිටත් සියලුම අංශවලට දැනුවත් කර ඇති බව සඳහන්.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන පළාත්, දිස්ත්‍රික් සහ අනෙකුත් ප්‍රධාන පෙළේ තරගාවලි සියල්ල අත්හිටුවනු ඇති.
ඒ අතරට 'ඒ' කාණ්ඩයේ තරග (Tier A), 'බී' කාණ්ඩයේ තරග (Tier B), ප්‍රිමියර් ලීඩ් තරග, ප්‍රධාන පෙළේ තරග (Major League), එක්දින තරගාවලිය සහ විස්සයි20 තරගාවලිය යන සියලු තරගාවලි වහාම නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.
ක්‍රිකට් තාක්ෂණික කමිටුව සමග සාකච්ඡා කර අදාළ ගැටලු විසඳන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ ඊමේල් පණිවුඩයේ දැක්වෙනවා.
පැතුම් ශ්‍රී විජේරත්න

monara
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් සියලු දේශීය තරගාවලි අත්හිටුවයි - ඊමේල් පණිවුඩයකින් සියලුම අංශ දැනුවත් කරයි
2023-09-01T07:38:00+05:30
Gossip Lanka Hot News