පසුගිය සඳුදා ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී කොළඹ අවට හා රටේ තැන තැන ඇති ස්පා නියාමනය කළ යුතු බවට සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කර ඇතත් එයට පොහොට්ටු මන්ත්‍රීවරු වන මිලාන් ජයතිලක හා මධුර විතානගේ යන මහත්වරු විරුද්ධ වී ඇතැයි වාර්තා වේ.
”ජනාධිපතිතුමනි, කොළඹ අවටයි රටේ හැමතැනමයි ස්පා දාල තියෙනවා කෙළවරක් නැතුව. අපි මේවා නියාමනය කරන්න ඕනෑ.” යැයි එහිදී ඩයානා ගමගේ පවසා ඇත.
එයට විරෝධය දක්වමින් ”නෑ… නෑ… ජනාධිපතිතුමා ඕවා කරන්න යන්න එපා මේ වෙලාවේ. මිනිස්සුන්ගේ රස්සාත් නැති වෙනවා. ලොකු ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්.” මිලාන් හා මධුර පිළිතුරු දී තිබේ.
කෙසේවුවද, ඩයනාව එම පිළිතුරෙන් මෙල්ල කිරීමට හැකිවී නැති අතර ”බලන්න ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුව අවට මේ ස්පා හයසිය විසිපහක් තියෙනවා.” යැයි ඇය නැවත පිළිතුරු දී ඇත.
එසේම ඇය එම සම්භාහනාගාර (ස්පා) විධිමත් ලෙස පවත්වාගෙන යාමට නම් ඒවායේ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා සෑම ආයතනයකටම ආයුර්වේද වෛද්‍යවරයකු බැගින් පත් කරන ලෙසද එහිදී ඉල්ලා තිබේ.
ඊට පිළිතුරු දුන් ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ ස්පා සඳහා වෛද්‍යවරුන් අනවශ්‍ය බවත් ඒවායේ පුහුණු කාර්ය මණ්ඩල සේවය සපයන බවත් පවසා ඇත.
ජනපතිවරයා මේ වාදයට හෙමිහිට අතුළු වී ඇත්තේ ”අපේ මන්ත්‍රීවරුන්ටත් යන්න බැරියැයි…” කියමිනි.
කෙසේවුවචද, ඔහු ද ඩයනාට අවබෝධකර ඇත්තේ ස්පා වසා දැමීමෙන් දහස් ගණනකට රැකියා අහිමිවිය හැකි බවයි.
එසේම අනවශ්‍ය ප්‍රශ්න දමා ගන්නට අවශ්‍ය නොවන බවද පවසමින් ජනපතිවරයාද මේ ගෝරනාඩුව හිමින් මඟහැර ඇති බව වාර්තා වේ.
-srilankamirror
Spa Thalawathugoda, spa kotte, spa rajagiriya