gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප‍්‍රහාරයට ජනපති රනිල් සම්බන්ධ නෑ... ඔහු ඒ ආණ්ඩුවේ ආරක්‍ෂක මණ්ඩලයට කැදවා නෑ - ප්‍රසන්න රණතුංග

බුද්ධි අංශ ඇතුළු  ආරක්ෂක අංශවලට පහරදී විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය විනාශ කිරීමට ඉඩදිය නොහැකි බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරන්නේ මේ පිටුපස සිටින අය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (8) පාර්ලිමේන්තුව රැස්විය.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.

ගරු කතානායකතුමනි, මේ පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රජයට හා ආණ්ඩුවට චෝදනාවක් එල්ල කරන්න වක්‍රාකාරයෙන් කටයුතු සිදුවෙනවා. පසුගිය කාලයේදී විධායකය සම්බන්ධයෙන් අවිශ්වාසයක් ඇති කරල විධායකය එලවන්න කටයුතු කළා. වර්තමානයේදී විධායකයට පහර දෙන්න කටයුතු කෙරෙමින් පවතිනවා. ව්‍යවස්ථාදායකයෙත් 225ම එපා කියනවා. ඒ වගේම අද වෙනකොට අධිකරණය සම්බන්ධ විශ්වාසය නැති කරන්න යම් යම් මතවාද හදන්න සමහරු කටයුතු කරනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මේක පිටුපස්සෙ ඉන්නෙ කවුද කියල හොයල බලන්න ඕන.

ඒ වගේම පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය කිසිම දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයකු අනුමත කරනවයි කියල මම හිතන්නේ නැහැ. ඒ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අය වහන්න උත්සාහ ගන්නව කියල වත්මන් ජනාධිපතිවරයාට චෝදනා කරන්න සමහරු උත්සාහ ගන්නවා. වර්තමාන ජනාධිපතිතුමා ඒ කාලේ ආරක්ෂක මණ්ඩල රැස්වීමටවත් කැඳවා නැති බව මුළු රටම දන්නවා. දැන් ඉන්න විපක්ෂනායකතුමා එදා ආණ්ඩුවෙ ඇමතිවරයෙක්. මේ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවුණයින් පස්සේ ඒ ගැන හොයන්න පාර්ලිමේන්තු කමිටු පත් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka